Dilmah නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

ලොව සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික තේ සන්නාමයක් වන Dilmah Tea හි නිර්මාතෘවරයා වන මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වූ බව එම පවුල පවසයි.

ඔහුගේ වැඩිමහල්පුත්‍රයා වන මලික් ජේ ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේදී සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා සිටියි.

1930 වසරේදී මෙරිල් ජෝෂප් ප්‍රනාන්දු ලෙසින් උපත ලද ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 93 හැවිරිදි වියේ පසුවිය.

Views: 98