Daraz කණ්ඩායමේ පෙරළිකාර හඳුන්වාදීම “dMart”

ශ්‍රී ලංකාවේ අන්තර්ජාලගත අලෙවියේ ප්‍රමුඛයා Daraz වෙතින් අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ පෙරළිකාර වෙනසක් ඇති කරමින් 2021 සැප්තැම්බර් 15 වැනිදා සිට dMart අන්තර්ජාලගත සුපිරි වෙළෙඳසැල හඳුන්වාදෙනු ලැබූ බව පවසයි.

එදිනෙදා දිවියේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග රැසක්, තෝරාගැනීමේ අවස්ථා රැසක් සහිතව කාණ්ඩ කිහිපයක් යටතේ හඳුන්වාදෙන dMart සමග නිවසේ සිටම සාප්පු සවාරියේ යෙදී සංචරණ සීමා සහ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සමයේ ඔබේ නිවසටම පාරිභෝගික භාණ්ඩ ගෙන්වා ගත හැකිය. dMart සමග එක්වන ඔබට, දිනපතා ක්‍රියාත්මක වන විශේෂ වට්ටම් සහ දීමනා රැසක් සමග 5000 කට අධික පාරිභෝගික භාණ්ඩ වර්ග රැසක් ඔබේ සිතැඟි පරිදි මිලදී ගත හැකිය.

dMart සමග එක් වරක් මිලදීගැනීම් සිදු කළ පාරිභෝගිකයෙකු ඊළඟ අවස්ථාවේ පැමිණෙන විට පෙර මිලදී ගැනීම් රටාව අනුව ගැලපෙන පාරිභෝගික භාණ්ඩ පෙළක් පහසුවෙන් තෝරාගත හැකි පරිදි ස්වයංක්‍රීයව dMart තිරයේ යෝජනා කිරීම විශේෂත්වයකි. dMart ys “Add to cart” පහසුකමෙන් සියළු භාණ්ඩ අතරින් පාරිභෝගිකයාට තමාට අවශ්‍ය ප්‍රමාණයන් තෝරා දෙමින් අතපසුවීමකින් තොරව තමාගේ සියළු මිලදී ගැනීම් සිදුකිරීමට උපකාරී වේ.

dMart හි භාණ්ඩ සෙවුම් පද්ධතියේ (in-channel search option) ඇති සුවිශේෂත්වය වන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩය හෝ භාණ්ඩ වර්ගය අනුව තෝරාගැනීමේ පහසුකම එක් කොට තිබීමයි. dMart භාවිතා කරන පාරිභෝගිකයාගේ රුචිකත්වය අනුව වඩාත් පහසුවෙන් භාණ්ඩ තෝරාගැනීමට එහි ඇති නවීන තාක්ෂණය උපකාර වන්නේ ඔබේ අවශ්‍යතා පිළිබඳ හොඳින්ම දන්නා සහයකයෙකු ඔබට උපකාරීවන්නා සේය.

dMart සමග මිලදීගැනීම් සිදුකිරීමේදී වෙනත් ක්‍රමවේදයන්ගේදී මෙන් තමා ඇණවුම් කළ භාණ්ඩ ලැබෙන තෙක් දින ගණන් බලාසිටීමට අවශ්‍ය නොවේ. දිවයින පුරා නගර 60 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කෙරෙමින් ක්‍රියාත්මක වන dMart අධිවේගී බෙදාහැරීම් ක්‍රමවේදය නිසා එක් දිනයක දහවල් 3. 00 දක්වා ඇණවුම් කෙරෙන භාණ්ඩ කට්ටලය එදිනම බෙදාහැරෙන අතර දහවල් 3. 00 ට පසු ලැබෙන ඇණවුම් ඊළඟ දිනයේ බෙදාහරිනු ලැබේ. dMart ක්‍රියාත්මක කරනු ලබන මෙම අධිවේගී බෙදාහැරීම් ක්‍රමවේදය නිසා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවසටම ලැබෙන තෙක් පාරිභෝගිකයාට වැඩිවේලාවක් බලාහිඳීමට අවශ්‍ය නොවන අතර තමාගේ අනෙකුත් කාර්යයන් සඳහා වැඩි අවධානයක් ලබාදී කටයුතු කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමිවේ. 

පාරිභෝගික ඔබ දිවයිනේ කොතැනක සිටියත් රු. 99ක් වැනි සුවිශේෂී බෙදාහැරීමේ සේවා ගාස්තුවකට ඔබේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඔබේ නිවසටම ලබාදීමට dMart අධිවේගී බෙදාහැරීම් සේවය කටයුතු කරයි.

Visits: 79