Jaffna Kings කණ්ඩායමේ හිමිකම Lyca සමූහයේ සභාපති අලිරාජා සුභාස්කරන්ට

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සමාරම්භක තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වන යාපනය ස්ටැලියන්ස් හි නව හිමිකරු ලෙස ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් මහතා තේරී පත්ව ඇතැයි පවසයි.

මෙම නව ව්‍යාපෘතිය ගැන කතා කරමින් සුභාස්කරන් මහතා, “ LPL හි ක්‍රමාණුකූල දියුණුව ගැන මම අවධානයෙන් සිටියා. එය ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් බවට පත් වුණා වගේම LPL ක්‍රිකට් දින දර්ශනයේ ප්‍රධාන අංගයක් බවට පත්වෙයි කියලා මම තදින්ම විශ්වාස කරනවා. ලොව පුරා බොහෝ ශ්‍රී ලාංකිකයින් මෙම තරඟාවලිය දෙස බලා සිටින අතර වඩා හොඳ අරමුදල් සහ විශාල නම් කෙටුම්පත් කිරීමත් සමඟ ලීගය ගෝලීය සංසිද්ධියක් වනු නිසැකයි. එමනිසා මට මෙය හැර යාමට අවශ්‍ය වන්නේ නැහැ.” යනුවෙන් පවසා සිටියි.

සුබාස්කරන් මහතා එක්සත් රාජධානියේ  Lyca සමාගම් සමූහයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වන අතර, එය දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රබල සහභාගීත්වයකින් යුතුව තම කණ්ඩායම LPL වෙත ගෙන ඒම සඳහා ශක්තියක් විය හැකි ව්‍යාපාරයකි.

ඔහු යාපනය කණ්ඩායම තෝරා ගත්තේ ඇයි දැයි අසන විට සුබාස්කරන් මහතා “හොඳයි, ගිය වසරේ ජයග්‍රහණය කළ කණ්ඩායමට ලංසු තැබීම සාධාරණ දෙයක් සහ සෑම කෙනෙකුම එවැනි කණ්ඩායමකට ලන්සු තැබීමට කැමතියි. ඒ වගේම ලංකාවේ උතුරු ප්‍රදේශය ගැන මට තියෙන්නේ සානුකම්පිත හැඟීමක් වගේම ආත්මීය බැඳීමක්.” යනුවෙන් පවසා තිබේ.

නව හිමිකරු පිළිගනිමින්, LPL හි නිල ප්‍රවර්ධක, ඩුබායිහි මූලස්ථානය කරගත් IPG හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා පැවසුවේ, “ Lyca සමූහ ව්‍යාපාරයේ සභාපති අලිරාජා සුබාස්කරන් මහතා යාපනය කණ්ඩායමේ හිමිකරු වශයෙන් පිළිගැනීමට ලැබීම මට ඉමහත් සතුටක්. ඔහුගේ ක්‍රීඩාව කෙරෙහි ඇති දැඩි ඇල්ම නිසා ඔහුට කණ්ඩායම සමඟ සම්බන්ධ වී සිටින රසිකයන් හා එහි සියලුම පාර්ශවකරුවන් සමඟ සාර්ථක ඉදිරි ගමනක් යාමට හැකි වන බව මට විශ්වාසයි. ” යනුවෙනි.

LPL හි නිල ප්‍රවර්ධක වන ඩුබායි පදනම් කරගත් නිෂ්පාදන දැවැන්ත IPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජවාඩ් ගුලාම් රසූල් මහතා “කළමනාකරණයේ දී, ක්‍රීඩකයින්ගේ හෝ ෆ්‍රැන්චයිස් හිමිකරුවන්ගේ වුවද සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට බොහෝ පුද්ගලයින් සම්බන්ධ කරගත යුතු බව IPG කණ්ඩායමේ අපි පිළිගන්නවා. Lyca වැනි සංවිධානයක් ගැන අපට ආඩම්බර වෙන්න පුළුවන්. ඛහජ් සමූහයේ සභාපති අලිරාජා සුභාස්කරන් මහතා යාපනය ස්ටැලියන්ස් හි නව හිමිකරු වශයෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට  සාදරයෙන් පිළිගන්නවා.” යනුවෙන් පවසයි.

මෙම තරගාවලියට ක්‍රීඩකයින් තේරා ගනු ලබන LPL Player’s Draft ලබන මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබියදී, යාපනය ෆ්‍රැන්චයිස් හි නව හිමිකරු ජාත්‍යන්තර හා දේශීය ප්‍රවීණයන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට ද බලාපොරොත්තු වේ. පසුගිය වසරේ මෙන්ම මෙවරත් ඉතා තරඟකාරී කණ්ඩායමක් තරඟ බිමට යැවීමට හැකිවන බව තමාට විශ්වාස බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 102