සිංගර් ශ්‍රී ලංකා ශත 30ක පළමු අතරමැදි ලාභාංශ ගෙවිමක් නිවේදනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම (SINS.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කිරීමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව මෙහිදී සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 30ක් බැගින් හිමි වන ලෙස මෙම ලාභාංශ ගෙවීමට නියමිතව ඇතැයි සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 18 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ඔක්තෝබර් 07 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 16.20ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊයේ දිනයේදී කොටසක අගය වූ රුපියල් 16.00 ට සාපේක්ෂව ශත 20ක එනම් 1.25%ක ඉහළ යාමකි.

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම පසුගිය 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් පළමු අතරමැදි, දෙවැනි අතරමැදි, තෙවැනි අතරමැදි සහ අවසන් ලාභාංශ ලෙස ලාභාංශ ගෙවීම් හතරක් සිදු කෙරිණි. එහිදී පිළිවෙලින් ශත 80ක්, ශත 20ක්, ශත 30ක් සහ ශත 25ක් ලෙස එම ලාභාංශ ගෙවීමක් සිදුව තිබේ.

Visits: 222