මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගැන තීරණ ගන්නේ කෙසේද? කවුරුන්ද? සංවාදය 26දා සවස 4.00ට

මෙරට මුල් පෙළේ සමාජ ආර්ථික පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය මගින් ‘මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගැන තීරණ ගන්නේ කෙසේද? කවුරුන්ද?‘ මැයෙන් සංවාදයක් සංවිධානය කිරිමට කටයුතු යොදා තිබේ.

ලබන අගෝස්තු 26 වැනි බ්‍රහස්පතින්දා (අනිද්දා) පස්වරු 4.00 සිට 5.30 දක්වා Microsoft Teams ඔස්සේ මෙම සංවාදය පැවැත්වෙයි.

රටෙහි ක්‍රියාත්මක කරන මහා පරිමාණ ව්‍යාපෘති තෝරා ගැනීම සහ අනුමැතිය දෙන ක්‍රියාවලිය, එසේත් නැත්නම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සැබැවින්ම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන්නක්ද යන්න පිළිබඳව මෙම සංවාදය හරහා විමසා බැලෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

මෙහිදී සංවාදය මෙහෙයවීම වෙරිටේ රිසර්ච් පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ විසින් සිදු කරන අතර සංවාදය ඉදිරිපත් කිරීම පර්යේෂණ සහායක සෙනිත් අබේනායක විසින් සිදු කරනු ලබයි.

මෙම සංවාදය සඳහා සහභාගිවිමට ලියාපදිංචි වීම සඳහා https://bit.ly/387ozom යන සබැඳිය වෙත පිවිසිය යුතුය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 077645112 දුරකතන හරහා ලබා ගත හැකි බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

Views: 48