ඇඟළුම් කර්මාන්තශාලා තුළ සේවක ආරක්ෂාව ගැන ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය නැවත සහතික වෙයි

ඇඟලූම් ක්ෂේත‍්‍රය තුළ සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සහ එහි සාමාජිකත්වය විශේෂ සැලකිල්ලක් දක්වන බව පවසයි.

විශේෂයෙන්ම සේවකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය (MOH) හා අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ එක්ව සාකච්ඡුා කර ඒවාට විසඳුම් ලබා දීමට ඔවුන් සිය උපරිමයෙන් කටයුතු කරනු ලබන බවත් එම සංසදය මෙහිදී සඳහන් කර සිටියි..               

ඇඟළුම් කර්මාන්තය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීම ජාතික ආර්ථිකයට ඉතා වැදගත් සාධකයකි. ඩෙල්ටා ප‍්‍රභේදය සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීම ඇතුළුව කොවිඞ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව පාලනය කිරීම සඳහා ඇඟළුම් ක්ෂේත‍්‍රය ගෙන ඇති සැලකිය යුතු ක‍්‍රියාමාර්ගවල බලපෑමක් ඇති බැවින් රජය ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසුවෙයි. පහත දැක්වෙන්නේ කර්මාන්තශාලාවල ක‍්‍රියාත්මක කිරීමට අවසර ලබා දී පුළුල් ක‍්‍රියාමාර්ග පිළිබඳව සාරාංශයකි:

එන්නත්කරණ වැඩපිළිවෙලට ප‍්‍රමුඛත්වය ලබා දීම

ගරු නාමල් රාජපක්ෂ මහතා සහ මහජන සෞඛ්‍ය බලධාරීන් ඇතුළුව ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහයෝගය ඇතිව, ඇඟළුම් සේවක සේවිකාවන්ගෙන් 90% ක් කොවිඞ් -19 එන්නතේ පළමු මාත‍්‍රවත් 50%ක් දෙවැනි මාත‍්‍රාවත් මේ වන විට ලබා ගෙන ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) තුළ පිහිටි කර්මාන්තශාවල සිටින සේවක සේවිකාවන්ගෙන් 70%කට වඩා වැඩි ප‍්‍රමාණයක් දෙවන මාත‍්‍රාව ලබා ගෙන ඇත. ඉදිරි සති කිහිපය තුළ සමස්ත ඇඟලූම් ශ‍්‍රම බලකායටම සම්පූර්ණයෙන්ම එන්නත ලබා දීමට හැකි වනු ඇත.

අඛණ්ඩව අධීක්ෂණය කිරීම

MOH සහ කම්කරු අමාත්‍යාංශය විසින් ගෙන ඇති ආරක්ෂිත ක‍්‍රමවේදවලට අනුකූලව කර්මාන්තශාලා අදාල පරීක්ෂා කර බැලීම් සිදු කරයි. මෙහිදී සේවක සේවිකාවන් කර්මාන්තශාලා පරිශ‍්‍රයට ඇතුළු වීමට පෙර කිසියම් රෝග ලක්ෂණ තිබේ දැයි පරීක්ෂා කෙරේ. කර්මාන්තශාලාවල සමාජ දුරස්ථභාවය සහතික කර තිබෙන අතර සේවක සේවිකාවන් ආහාර ගැනීමට, වැසිකිළි පහසුකම් ආදිය සඳහා ඒවාටම වෙන්වූ ස්ථාන සලසා දී තිබේ. කර්මාන්තශාලා කිහිපයකම හුමාලය ආශ්වාස කිරීම, විසබීජහරණ ඒකක, ශාකසාර හා වෙනත් සෞඛ්‍ය සම්පන්න උණුසුම් පාන වර්ග වැනි අමතර පහසුකම් ද සලසා දී තිබීම කැපී පෙනේ.

කිසියම් අයෙකුගේ මොනයම් හෝ රෝග ලක්ෂණයක් පෙනෙන්නට තිබුණහොත් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ඔහු/ඇය වහාම වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කරනු ඇත. දවස තුළ සේවක සේවිකාවන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම අහඹු ලෙස හා නිරන්තරයෙන් සිදු කෙරෙන අතර අවශ්‍ය වුවහොත් ඒ සඳහා සුදුසු පියවර ගනු ලබයි.

පරීක්ෂා කර බැලීම්

අහඹු ලෙස සිදුකරනු ලබන පරීක්ෂා කිරීම් (PCR) හා ඒවායේ ප‍්‍රතිඵල MOH හට දිනපතා වාර්තා කිරීම ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද පරීක්ෂා කිරීමේ ක‍්‍රමවේද අනුගමනය කිරීමට කර්මාන්තශාලා බැඳී සිටී. ස්ථාපිත කර ඇති මාර්ගගත යාන්ත‍්‍රණයක් හරහා මෙම තොරතුරු ප‍්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් අතර බෙදාහැරේ. තවද, අදාල කර්මාන්තශාලා හැකි උපරිමයෙන් ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරන බව සහතික කර ගැනීම සඳහා ප‍්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් එම කර්මාන්තශාලා සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගෙන යනු ලබයි.

මීට අමතරව, කොවිඞ්-19 සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද උල්ලංඝනය කරන  ඕනෑම කර්මාන්තශාලාවකට එරෙහිව පියවර ගැනීමට ශක්තිමත් යාන්ත‍්‍රණයක් ද ක‍්‍රියාත්මක වේ.

සෞඛ්‍යාරක්ෂිත යටිතල පහසුකම් – සේවක සේවිකාවන් සඳහා ඇඳන් 4,500 කට ආසන්න සංඛ්‍යාවක් සහිත අතරමැදි සත්කාර මධ්‍යස්ථාන 11 ක් පිහිටුවීමට කර්මාන්තය සිය සහයෝගය ලබා දී තිබේ. තවත් මධ්‍යස්ථාන දෙකක් මේ වන විට ඉදිවෙමින් පවතින අතර එමඟින් මුළු ඇඳන් සංඛ්‍යාව 5000 දක්වා ඉහළ යනු ඇත. මෙම යටිතල පහසුකම් සඳහා එක් එක් කර්මාන්තශාලා අනියුක්ත කරමින් සිටී.

රැකියා සපයන්නෙකු, ආයෝජන මූලාශ‍්‍රයක් සහ අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයන්නෙකු වශයෙන් කර්මාන්තය මෙරට ආර්ථික දියුණුව උදෙසා ඉතා වැදගත් දායකත්වයක් ලබා දෙන බව පිළිගත් සත්‍යයකි. මෙම වසංගතය අතරතුර, කර්මාන්තය ආර්ථිකය සඳහා දක්වන දායකත්වය වඩාත් හොඳින් කැපී පෙනේ. සමාගම් විසින් ගනු ලැබූ ආරක්ෂිත පියවරයන්ට සේවක සේවිකාවන් විශිෂ්ට ප‍්‍රතිචාරයක් දක්වන ලදී. ඒ අනුව මුළු සේවක පිරිසෙන් 80% කට වඩා වැඩි ප‍්‍රමාණයක් එන්නත් ලබා ගත් අය සේවයට වාර්තා කිරීම විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දක්වන JAAF හි මහලේකම් ටියුලි කුරේ මහතා ‘‘මෙම දුෂ්කර අවස්ථාවේදී ආර්ථිකය නැවත නගා සිටුවීමට ඔවුන්ගේ අධිෂ්ඨානය හා කැපවීම අප ඉතා අගය කරනවා. වසංගතයෙන් තොර සේවා ස්ථාන තුළින් ඔවුන්ගේ සුරක්ෂිතතාවය සහතික කිරීමට අප අපට හැකි සෑම පියවරක්ම ගනු ලබනවා. ඒවගේම සේවක පිරිස්වල හා ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව උදෙසා ඔවුන් සියල්ලන්ටම මුළුමනින්ම එන්නත ලබා දෙන බවත් අප සහතික කිරීමට කැමතියි.’’ යනුවෙන් පවසයි.

ඇඟළුම් කර්මාන්තය ඇතුළුව අත්‍යවශ්‍ය සේවාවලට ක‍්‍රියාත්මක වීමට ඉඩකඩ ලබා දෙමින් ඉදිරි දින දහය සඳහා රජය රට පුරා lockdown තත්වයක් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙමගින් මහජනතාව සුරක්ෂිතව තබා ගෙන ආර්ථිකය ඉදිරියට යාමට අවශ්‍ය ඉඩකඩ සැලසේ. එනිසා මෙම තත්වය සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරතව සිටින ශ‍්‍රම බලකාය පිළිබඳව පාර්ශවකරුවන් අනියත කලබලයක් හා බියක් ඇති කර නොගෙන සිටීම ඉතා වැදගත් වේ.

Visits: 129