“වරාය නගරයට දේශපාලන හෙංචයියන් පත්වුණොත් එය තවත් BOI එකක් වේවි” – නිමල් පෙරේරා

කොළඹ වරාය නගරයේ කළමනාකාරීත්වය සඳහා වඩාත් සුදුසු වන්නේ වෘත්තීමය චීන කළමනාකරණයක් බව මෙරට මුල් පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

ඒ අනුව මෙම වරාය නගරයේ කළමනාකාරීත්වය වෙනුවෙන් වෘත්තීමය නොවන දේශපාලන හෙංචයියන්ට වඩා වෘත්තීයමය මට්ටමේ චීන කළමනාකාරීත්වයක් පත්වීම වඩාත් සුදුසු බව ඔහු අවධාරණය කර තිබේ. එසේ නොවුණහොත් එයද තවත් ආයෝජන මණ්ඩලයක් (BOI) බවට පත් වෙනු ඇතැයිද ඔහු සඳහන් කර සිටියි.

“කොළඹ පෝර්ට් සිටිය කළමනාකරණයට වෘත්තීමය නොවන දේශපාලන හෙංචයියන්ට වඩා වෘත්තීමය චීන කළමනාකාරීත්වයක් පත්වීම වඩාත් සුදුසුයි. එහෙම නොවුණොත් එය තවත් ආයෝජන මණ්ඩලයක් බවට පත්වේවි.”ඔහු පවසයි.

එසේම දැනටමත් පාලක පක්ෂයේ හෙංචයියන් කිහිප දෙනෙකු මෙම වරාය නගරයේ කළමනාකාරීත්වය වෙත රිංගා තිබෙන බවත්, නුදුරේදීම අපට චීනය සහ මෙම හෙංචයියන් අතර යුද්ධයක් දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් නිමල් පෙරේරා මහතා මෙහිදී සඳහන් කර තිබේ.

මෙවැනි කළමනාකාරීත්වයක් සඳහා ඩුබායි නගරය උදාහරණ ලෙස දක්වන නිමල් පෙරේරා මහතා එහි පාලකයා ප්‍රධානියා වුවත්, අනෙක් සියලු දෙනාම විදේශීය විශේෂඥයන් බවද පෙන්වා දෙයි.

Views: 638