සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් නිව්බ්‍රිජ් නිවාසයට පරිගණක පරිත්‍යාගයක්

සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් වේවැල්දෙණිය ප‍්‍රදේශයේ පිහිටි නිව්බි‍්‍රජ් පිරිමි නිවාසයට පසුගියදා පරිගණක හා තොරතුරු තාක්ෂණික උපකරණ රැසක් පරිත්‍යාග කරන ලද බව පවසයි.

COVID-19 වසංගත අවදානම නිසා තවමත් පාසැල් ආරම්භ නොවූ හෙයින් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන්නට සිදුව ඇති අවධියක, නිව්බි‍්‍රජ් පිරිමි නිවාසයේ දරුවන්ට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති පරිගණක හා තොරතුරු තාක්ෂණික උපකරණ අවශ්‍යතාව සියපත ෆිනෑන්ස් වෙතින් සිදුකරන ලද මෙම පරිත්‍යාගයත් සමග සම්පූර්ණව ඇත.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා විසින් නිව්බි‍්‍රජ් පිරිමි නිවාසයේ කළමනාකාර සුගත් ගුණසිංහ මහතා වෙත අදාල පරිත්‍යාගය සිදුකෙරුණ අතර එම අවස්ථාවට සියපත ෆිනෑන්ස් නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ කලාපීය කළමනාකරු එල්. එච්. එම්. ධනුෂ්ක මහතා, නිට්ටඹුව ශාඛා කළමනාකරු අශෝක රූපසිංහ මහතා සහ සහකාර සන්නාම කළමනාකාරිනී මැඩෝනා සාමසුන්දර මහත්මිය සහභාගී වූහ.

සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් සිදුකරන ලද මෙම සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ එහි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා “හදිසියේ සිදුවූ මේ විපර්යාසයට මුහුණ දීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සපයා ගැනීම පොදුවේ සමාජ අභියෝගයක් වී ඇති කාලයක, සමාජ වගකීමක් ඉටුකිරීමක් සහ රට වෙනුවෙන් සිදුකරන අනාගත ආයෝජනයක් ලෙස සලකා අපි මෙයට දායක වුණා.”යැයි පැවසීය.

Visits: 28