කොවිඩ් වසංගතය හමුවේ වෛද්‍ය සැපයුම් ජාල ආරක්ෂා කිරීම සඳහා දරණ සාමූහික ප්‍රයත්නයට SLCPI හි ප්‍රශංසාව

Covid-19 වසංගතයට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස, දිවයින පුරා අඛණ්ඩව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ඖෂධ සැපයුම් ජාලයට සම්බන්ධ සියලූ දෙනා කොවිඩ් වසංගතයට රට මුහුණ දුන් අවස්ථාවේ සිට දරණ ලද ප‍්‍රයත්නයට ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) සිය ප‍්‍රණාමය පුද කරයි.

ගෝලීය ඖෂධ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සැපයුම් ජාලවලට කොරෝනා වෛරසය විසින් ඇති කරන ලද අභියෝග හමුවේ වුවද දිවයින පුරා සිටින රෝගීන්ට ස්ථාවර ගුණාත්මක ඖෂධ සැපයුමක් ලබා දෙන බව සංසදය නැවත අවධාරණය කර සිටී. ඖෂධ සැපයුම් ජාලයේ කාර්යක්ෂතාව ඉහළ නැංවීම සඳහා එහි සාමාජිකයින් විසින් ගනු ලැබූ පියවරයන් තුළින් මෙය සාක්ෂාත් කර ගන්නා ලදී.

සංජීව විජේසේකර

SLCPI හි උප සභාපති සහ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ විධායක අධ්‍යක්ෂ සංජීව විජේසේකර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ ‘‘සැපයුම් ජාලය ඵලදායී ලෙස ක‍්‍රියාත්මක කිරීම සඳහා රජයේ සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සහාය ද අත්‍යවශ්‍ය වන බවයි.

’‘රටේ ඇතැම් ප‍්‍රදේශ හුදකලා කිරීම පිළිබඳව නිවේදනය කළ විට ඖෂධ තොග නිදහස් කිරීමේදී ගැටළුවක් ඇති නොවන පරිදි එම කාර්යය සිදු කිරීමට SLCPI අනෙක් ආයතනයන් වන සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමඟ නිරන්තරව සම්බන්ධ වෙමින් එම දැවැන්ත කාර්යය භාරය මනා ලෙස සම්බන්ධීකරණය කර ගනු ලැබුවා,’’යනුවෙන් ඔහු වැඩි දුටරත් පැවසුවේය.

මේ වසර මුලදී බලධාරීන් සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව, රටේ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කළේ ඖෂධ, වෛද්‍ය උපකරණ, Borderline Products හා රූපලාවන්‍ය භාණ්ඩ හා උපකරණ බලපත‍්‍රවල ලියාපදිංචි කිරීමේ සහතික හා ආනයන බලපත‍්‍රවල වලංගු කාලය 2021 ජුනි 30 වන දින දක්වා දීර්ඝ කිරීමටය. ඖෂධ සැල් හා ඖෂධ/වෛද්‍ය උපකරණ හා භාණ්ඩ ප‍්‍රවාහනය සම්බන්ධ බලපත‍්‍ර සඳහා ද මෙය අදාල වෙයි.

‘‘ඖෂධ නිෂ්පාදන සැපයුම් ජාලයට සම්බන්ධ සෑම කෙනෙක්ම භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කළ නීතිරීති වලට අනුකූලව කටයුතු කරනු ලැබුවා. මෙහිදී සේවක සුරක්ෂිතභාවය සහතික කිරීමට අපට සිදු විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස, සෑම බෙදාහැරීමේ වාහන විෂබීජහරණය කිරීමේ සිට මෙම ක‍්‍රියාවලියට සම්බන්ධ කර ගන්නා සේවක සංඛ්‍යාව අඩු කිරීම දක්වා පනවන ලද නව නීතිරීති අප ක‍්‍රියාත්මක කරනු ලැබුවා.’’ යනුවෙන් ඔහු සඳහන් කළේය.

නම්‍යශීලී සැපයුම් ආකෘතියක් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් මෙවලම් භාවිතා කිරීම තුළින් වසංගතය අතරතුර බාධාවකින් තොරව සැපයුම් දාම ක‍්‍රියාවලිය පවත්වා ගෙන යාමට හැකි විය.

ශාන්ත බණ්ඩාර

”රටේ ඇතැම් දිස්ත‍්‍රික්ක හා ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හේතුවෙන්, ඊට ගැලපෙන ලෙස අපගේ මෙහෙයුම් ක‍්‍රියාශීලී සහ නම්‍යශීලී කරනු ලැබුවා. අපගේ පද්ධති රොබෝ තාක්ෂණය හා එක් කරමින් ස්වයංක‍්‍රීයව සිදු කිරීමට පියවර ගත්තා. නිදසුනක් ලෙස RPA පද්ධති සමඟ සම්බන්ධ අපගේ අලෙවි බලකා පද්ධතිය හරහා සියලූම බිල්පත් පිළිබඳ දත්ත යාවත්කාලීන කරනු ලැබුවා. සැපයුම් ජාල ක‍්‍රියාවලියේදී පුද්ගලයින් සමඟ කටයුතු සිදු කිරීම අවම කිරීම සඳහා මෙම ක‍්‍රමය අපගේ ගබඩා හා බෙදාහැරීමේ මධ්‍යස්ථාන සමඟ ද සම්බන්ධ කර තිබෙනවා,” යනුවෙන් සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමේ ශාන්ත බණ්ඩාර මහතා පැහැදිලි කළේය.

මෙම ක‍්‍රියාවලිය පුරාම ප‍්‍රමුඛතාවය ලබා දෙනු ලැබුවේ බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට හා අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ය. ඖෂධ තොග හැකි උපරිම ඵලදායී ලෙස අධීක්ෂණය සහ බෙදා හැරීම සිදු කිරීමත් සමඟ, එහි ප‍්‍රතිඵලය වූයේ සැපයුම් ජාලය සැලකිය යුතු ලෙස රෝගියා වටා කේන්ද්‍රගත වීමයි.

එම තත්වය තුළ, අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට ගෙන ඒම සඳහා විදේශයන්හි සිටින ප‍්‍රධාන ඖෂධ සමාගම් සමඟ අඛණ්ඩව සන්නිවේදනය කිරීම සහතික කිරීම පිළිබඳව SLCPI සිය සාමාජිකයින් පැසසුමට ලක් කළේය. ඇඳිරි නීතිය පවතින කාලය අතරතුර රෝගීන්ට බෙහෙත් ද්‍රව්‍ය නිවසටම ගෙන්වා ගැනීමෙන් ඔවුන්ට ඖෂධ ලබා ගත හැකි බව තහවුරු කිරීම සඳහා ඖෂධ සමාගම් විසින් හඳුන්වා දෙනු ලැබූ මාර්ගගත ඖෂධසැල් (online pharmacies)හි ඉහළ යාමක් ද දක්නට ලැබුණි.

‘‘ඇඳිරි නීතිය පැනවූ විගසම අප සතු ගබඩාවල කිසිදු ඖෂධ හිඟයක් ඇතිවීම වළක්වා ගැනීම පිණිස හැකි ඉක්මනින් ඉන්සියුලින් වැනි අත්‍යවශ්‍ය ඖෂධ ඇණවුම් කරනු ලැබුවා. ඒවගේම ඉන්සියුලින් තොග ඇති ළඟම ෆාමසිය පිළිබඳ තොරතුරු පාරිභෝගිකයින්ට දැන ගැනීමට හැකි වන පරිදි අප ‘ඉන්සියුලින් උපකාරක සේවාවක්ද’ ආරම්භ කළා. මෙට්ෆෝමින් (metformin), අටෝර්වැස්ටටින් (Atorvastatin) සහ ලොසාර්ටන් පොටෑසියම් (Losartan Potassium) වැනි අනෙකුත් අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා අප කටයුතු කරන ප‍්‍රධාන සමාගම් සමඟ ද අඛණ්ඩව සම්බන්ධතා පැවැත්වූවා,’’ යනුවෙන් සන්ෂයින් හෙල්ත්කෙයාර් හි ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේය.

කොවිඞ්-19 ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඉහළ යාම තුළ පළමු ලොක්ඩවුන් කාල සීමාවේ උගත් පාඩම්වලට අවධානය යොමු කරමින් අභියෝගාත්මක ඉදිරි සතිවලදී ඖෂධ අඛණ්ඩව පාරිභෝගිකයින් අතට පත් කිරීම සහතික කිරීමේ ක‍්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි සිය සාමාජිකත්වයේ අවධානය යොමු වී ඇති බව  SLCPI අවධාරණය කර සිටී. 

”පළමු ලොක්ඩවුන් කිරීම නිසැකවම සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ෙඡ්දය වූවා වගේම අපගේ ක්ෂේත‍්‍රයට ද අලූත් දුෂ්කරතාවන් රැසකට මුහුණ දීමට සිදු වුනා. එම කාලය තුළ ගනු ලැබූ පියවර හේතුවෙන් අපගේ සියලූම සාමාජිකයින් ද ඉක්මනින් ‘නව සාමාන්‍ය‘ තත්වයේ කොටසක් බවට පත් වුනා. මේ අවස්ථාවේදී මහජනතාවට අප පැහැදිලිව අවධාරණය කිරීමට කැමතියි වත්මන් තත්වය නොතකා, ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය ඖෂධ ලබා ගැනීමේදී කිසිදු හිඟයක් නොවන බවට.

”වත්මන් තත්වය කෙතරම් අභියෝගාත්මක වූවද අඛණ්ඩවම දිවයින පුරා විසිර සිටින සෞඛ්‍ය සේවා සපයන්නන් සමඟ සහයෝගයෙන් කිසිඳු හිඟයකින් තොරව ශ‍්‍රී ලාංකිකයින්ට අත්‍යාවශ්‍ය ඖෂධ ලබා දීමට පියවර ගන්නා බව මෙහිදී මහජනතාව වෙත දැනුම් දීමට කැමතියි. මහජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ, රජය විසින් පනවා ඇති සියලූ නියෝගයන්ට අඛණ්ඩව අනුගත වී ජීවත් වන ලෙසයි, එමගින්, පෙරට වඩා සෞඛ්‍යසම්පන්නව හා ශක්තිමත්ව නැගී සිටිමින් අපට මෙම වසංගතය පැරදවිය හැකියි,’’ යනුවෙන් SLCPI හි උප සභාපති සංජීව විජේසේකර මහතා පැවසුවේය.

Views: 81