‘හෙල්දි ලයිෆ්’ සෞඛ්‍ය මධ්‍යස්ථානය කොළඹ 7 පිහිටි නව පරිශ්‍රයකට

කොළඹ ප‍්‍රමුඛ පෙළේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වන හෙල්දි ලයිෆ් සෞඛ්‍ය මධ්‍යස්ථානය අංක 139, ධර්මපාල මාවත, කොළඹ 7 ලිපිනයෙහි පිහිටි තමන්ගේම නව නිවහනකට පසුගියදා පිවිසුනු බව  පවසයි. මේ සමඟම සෑම පුද්ගලයෙකුටම සුවිශේෂ වූ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා සිය මධ්‍යස්ථානය කැප වී සිටින බවත් හෙල්දි ලයිෆ් සෞඛ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි.

2005 දී ආරම්භ කරන ලද මෙම සායනය ළමා රෝග, භෞත චිකිත්සාව, මානසික රෝග විනිශ්චය, වයෝවෘද්ධ පුද්ගලයන්ගේ රෝග විනිශ්චය, අක්ෂි රෝග ප‍්‍රතිකාර, පාද ආශ‍්‍රිත ප‍්‍රතිකාර සහ පෝෂණවේදී ප‍්‍රතිකාර ආදී පුළුල් පරාසයක රෝග විනිශ්චය හා පූර්ව සෞඛ්‍ය කළමනාකරණ විසඳුම් ලබා දීමට අමතරව සෑම පුද්ගලයෙකුටම ගැලපෙන පරිදි පුළුල් දියවැඩියා කළමනාකරණ වැඩසටහන් හා ජංගම පවුල් වෛද්‍ය සේවාව දක්වා වර්ධනය වී ඇත.

මෙම නව පිවිසීම පිළිබඳව අදහස් දක්වන හෙල්දි ලයිෆ් සායනික ප‍්‍රධානී, විශේෂඥ වෛද්‍ය කයාත‍්‍රී පෙරියසාමි මහත්මිය, ‘‘වඩාත් පුළුල් හා කාර්යක්ෂම ලෙස පාරිභෝගිකයින්ට ගැලපෙන පරිදි සොඛ්‍ය සේවාවක් ලබා දීම අපගේ අරමුණයි. ඒ සඳහා අප සායනය දැඩිව කැප වී සේවය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. මේ සඳහා නව පරිශ‍්‍රයකට පැමිණීම මහත් රුකුලක් වූ බවත් ඉතාමත් සතුටින් දැනුම් දීමට කැමතියි. කොළඹ 7 පිහිටි මෙම සායනය ඉඩ කඩ සපිරි ස්ථානයක් වීම නිසා අපගේ රෝගීන්ට සුවපහසු, ආරක්ෂිත පරිසරයක් තුළ ඉහළම තත්වයේ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අප දරන උත්සාහය තවත් ශක්තිමත් කරනු ඇතැයි අප දැඩිව විශ්වාස කරනවා,’’ යනුවෙන් පවසා සිටියි.

හෙල්දි ලයිෆ් සෞඛ්‍ය මධ්‍යස්ථානය මගින් පුද්ගලික ක්ෂේත‍්‍රයේ සේවය කරන අයට සෞඛ්‍ය උපදෙස් දීම හා දැනුම ලබා දීම තුළින් රෝග වැළැක්වීම් හා සෞඛ්‍යාරක්ෂාව ලබා දීම සඳහා විවිධාකාර සෞඛ්‍ය පැකේජයන් පිරිනැමේ.

මෙම පැකේජයන් අතරට වැඩිහිටි ප‍්‍රතිකාර, භෞත චිකිත්සක සැසි, ශරීර බර කළමනාකරණ විසඳුම්, සෞඛ්‍ය පරීක්ෂණ හා විවිධ රෝග විනිශ්චය ක‍්‍රම, අක්ෂි රෝග ප‍්‍රතිකාර ආදී පැකේජ ඇතුලත් වේ. රෝගීන්ට ඍජුවම සායනයට පැමිණීමට හෝ 0114700700 හෝ 0773511511 යන අංකවලට ඇමතීමෙන් වෙලාවක් වෙන් කර ගත හැකිය.

Views: 25