‘ශිල්ප Thursday’ අද සහ හෙට දියත උයනේ

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කරනු ලබන ‘ශිල්ප Thursday – හැදෙන රටට ශිල්ප’ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනය අද (16) සහ හෙට (17) බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී සංවිධානය කෙරේ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන ප්‍රදර්ශනය අද රාත්‍රී 8.30 දක්වා ක්‍රියාත්මක වෙයි. හෙට දිනයේදීත් පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා මෙම ‘ශිල්ප Thursday – හැදෙන රටට ශිල්ප’ ප්‍රදර්ශනය පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

අනතුරුව සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකදීම දියත උයන පරිශ්‍රයේදී මෙම සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනය පැවැත්වෙන බව ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර මහතා පැවසීය.

“අද ආරම්භ කෙරෙන මෙම  ‘ශිල්ප Thursday – හැදෙන රටට ශිල්ප’ ප්‍රදර්ශනය සහ වෙළෙඳ පොළ හරහා අපේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ශිල්පීන් සවි බලගැන්වීමයි. එතැනදී මෙවැනි සාම්ප්‍රාදායික හස්ත කර්මාන්ත මිලදී ගැනීමට රුචිකත්වයක් දක්වන පිරිස් වෙත සෑම බ්‍රහස්පතින්දා දිනකදීම දියත උයනේදී එම නිෂ්පාදන මිලදී ගැනීමේ  අවස්ථාව හිමි වෙනවා.” යනුවෙන් සභාපතිවරයා සඳහන් කරයි.

Views: 42