තරුණයන් අතර කොටස් වෙළෙඳ පොළ කෙරෙහි උනන්දුව ඉහළට

• මැයි 11න් පසු ASPI 18.97% ක වර් ධනයක, S & P ශ්‍රී ලංකා 20 – 21.15% වර්ධනයක
• මැයි සිට අගෝස්තු දක්වා ආයෝජකයන් 5801 වෙළෙදපොළට පිවිසිලා
• මැයි 11න් පසු දේශීය අයෝජකයන්ගේ දායකත්වය සමස්ත පිරිවැටුමෙන්  75% ක් වෙයි

2020දී සමස්ත දේශීය ආයෝජකයින් අතුරින් නව තරුණ පිරිස් කොටස් වෙළෙදපොළ කෙරෙහි වැඩි උනන්දුවක් දක්වා ඇති බව කොළඹ කොටස් හුවමාරුව පවසයි. ඒ අනුව මෙ කාලසීමාවේදී විවෘත කරන ලද නව ගිණුම් වලින් 47% ක්ම වයස අවුරුදු 18-30 අතර තරුණ වයසේ පසුවන ආයෝජක පිරිස් බවත් සඳහන් වෙයි.

සාම්ප්‍රදායිකව කොටස් වෙළෙදපොළෙහි  දේශීය ආයෝජකයින්ගෙන් වැඩි කොටසක් වයස අවුරුදු 50 ට වැඩි පිරිස් බැවින් මෙම වර්ෂයෙදී තරුණ පිරිස් අතර කොටස් අයෝජනය ප්‍රචලිතවීම විශේෂ කරුණක් බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

දේශීය කොටස් වෙළෙඳ පොළ ස්ථාවර තත්ත්වයක පවතින බවත්, කොවිඩ් 19 වසංගතයට පෙර පැවැති මට්ටම ඉක්මවා අඛණ්ඩ ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත් සඳහන් කරමින් කොළඹ කොටස් හුවමාරුව මේ බව පවසා සිටියි.

“විශේෂයෙන්ම මෑත කාලයේදී ආයෝජකයින් කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය සඳහා දැක්වූ වැඩි උනන්දුව සහ මිල දර්ශකවල ලබාගත් ප්‍රගතිය හේතුකොට ගෙන කොළඹ කොටස් හුවමාරුවෙහි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබී ඇත.” කොළඹ කොටස් හුවමාරුව පවසයි.

කොවිඩ් 19 වසංගතය මත වසා දැමුනු කොළඹ කොටස් හුවමාරුව නැවත 2020 මැයි 11 වන දින විවෘත කිරීමෙන් පසු  සියලු කොටස් මිල දර් ශකය (ASPI) 18.97% ක වර් ධනයක් ලබා ගෙන ඇති අතර සැප්තැම්බර් 11 දින වන විට  දර් ශක අගය 5,438.91 ක් ලෙස වාර් තා වී තිබේ.

එසේම කොළඹ කොටස් හුවමාරුවෙහි  විශාලතම සහ වඩාත්ම ද්‍රවශීලතම කොටස් 20කින් සමන්විත මිල දර් ශකය වන S & P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයද වෙළෙදපොළ නැවත විවෘත කිරීමෙන් පසු 21.15% ක ප්‍රගතියක් වාර්තා කර ඇති අතර, සැප්තැම්බර් 11 වන දිනය අවසානයේදී එහි දර් ශක අගය 2,359.24 ලෙස සටහන් විය.

“මෙය ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් 2020 මාර්තු 11 වන දින කොවිඩ් 19, වසංගතයක් ලෙස ප්‍රකාශ කිරීමට පෙර පෙන්වූ අගයන් වලට වඩා සියලු කොටස් මිල දර් ශකය (ASPI) සහ S & P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය මේ වන විට  ඉහළ අගයන් වාර් තා කිරීම විශේෂත්වයකි.” කොළඹ කොටස් හුවමාරුව පවසයි.

මෙම වර්ධනය දත්ත අතින් ගත් කළ කොටස් වෙළඳපොළේ සමස්ත වටිනාකම නිරූපණය කෙරෙන වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණයට මැයි 11 වනදා දින සිට රු. බිලියන 235.5 ක වටිනාකමක් එකතු වීම තවත් වැදගත් කරුණක්වී තිබේ.

එසේම 2014 න් පසු වාර් තා වූ ඉහළම දෛනික සාමාන්‍ය පිරිවැටුම වන රුපියල් බිලියන 1.35 මගින් මෙම කාලයේදී  ආයෝජකයින්ගේ සහභාගීත්වය සහ උද්යෝගයද පෙන්නුම් කෙරෙන බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි. මීට අමතරව, දිනයක් තුළ සිදු කරන ලද සාමාන්‍ය ගනුදෙනු ගණන 2019 දී වාර්තා වූ සාමාන්‍යයට සාපේක්ෂව 73% කින් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති අතර 2018 ට වඩා 133% කින්  වර් ධනය වී තිබේ.

“මෙවැනි දත්ත තුළින් මෑත කාලයේදී කොටස් වෙළෙදපොලෙහි පැහැදිලි වර් ධනයක් ඇති බවට පැහැදිලි වේ. අනාගතයේ දී ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන අයුරින් කොවිඩ් 19න් පසු වෙළෙදපොළ අගයන් 4,300 මට්ටම්වල පැවතීම  මෙම කාලය තුළ  ආයෝජකයින්ටද අනගි අවස්ථාවක් විය. සමස්ත කොටස්වලින් බහුතරයක් අඩු මිල ගණන්වලට හුවමාරුවීම නිසා නව  ආයෝජකයින්ට වෙළෙදපොළට පිවිසී වෙළෙදපොළ අත්දැකීම් ලබා ගෙන ධනය වර්ධනය කරගැනීමටද සුදුසු අවස්ථාවක් උදා වී ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන දේශීය ආයෝජකයින් අඩු මිල ගණන්වලට කොටස් රැස් කරගැනීම නිසා අයෝජකයින්ගේ ඉහළ සහභාගිත්වයක් වෙළෙදපොළට  තුළ දක්නට ලැබිණි.” කොළඹ කොටස් හුවමාරුව මෙහිදී සඳහන් කර සිටියි.

එසේම නැවත වෙළෙදපොළ විවෘත කිරීමෙන් පසු ගිණුම් විවෘත කිරිමේහිලා  සැලකිය යුතු වර් ධනයක්, එනම් එම කාලය තුළ  නව ආයෝජකයන් 5801 වෙළෙදපොළට පිවිසීම දක්නට ලැබී ඇත. එහි සාමාන්‍යය අගය 2019 එකම කාල සීමාව තුල (මැයි සිට අගෝස්තු දක්වා) වාර්තා වූ අගයට සාපේක්ෂව 98% ක වර්ධනයක් ලෙසද, 2018 ට සාපේක්ෂව 56% වර් ධනයක්ද ලෙස සඳහන්ව තිබේ.

එසේම මැයි 11 වෙනිදා කොටස් වෙළෙදපොළ නැවත විවෘත කොට ගනුදෙනු ආරම්භ වීමෙන් පසු දේශීය අයෝජකයන්ගේ දායකත්වය සමස්ත වෙළදපොළ පිරිවැටුමෙන්  75% වේ. මෙය වෙළෙදපොළ වසා දැමීමට පෙර තිබු තත්වයට සාපේක්ෂව 36.% වර් ධනයක්.

2020 වර් ෂයේදී විදේශීය ආයෝජනය සැලකු විට රුපියල් බිලියන 34.9 ක ශුද්ධ විදේශීය ගලා යාමක් වාර් තා වූ අතර මෙය බොහෝ සේ ගෝලීය වශයෙන් නැගී එන සහ පුර්ව නැගී එන වෙළෙදපොළවල්වල (Emerging & Frontier Markets) විදේශ අරමුදල් පිටතට ගලා යාමේ ප්‍රවණතාවයට අනුකූල වේ.

කෙසේ වෙතත් වෙළෙද පොළෙහි ආකර් ෂණීය මිල ගණන් අඛණ්ඩව තහවුරු කර ගැනීම නිසා 2019 ට සාපේක්ෂව විදේශීය මිලදී ගැනීම්වල ප්‍රබෝධයක් දක්නට ලැබිය හැකි අතර දැනට මේ දක්වා 2020 වසරේදී රුපියල් බිලියන 45 ක විදේශීය මිලදී ගැනීම් වාර් තා කර ඇතැයිද කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 716