යාපනයේ ධිවරයින් පිරිසකට ධීවර ඇමතිගෙන් අයිස් පෙට්ටි

යාපනය දිස්ත්‍රික්කයේ තෝරා ගත් ධීවරයන් පිරිසකට සිය මත්ස්‍ය අස්වැන්න නරක් නොවි තබා ගැනීම සදහා අවශ්‍ය අයිස් පෙට්ටි තොගයක් ලබාදීමට ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් කටයුතු යෙදූ බව එම අමාත්‍යාංශය පවසයි. ධීවරයන්ගේ සුභ සෙත උදෙසා මෙම කටයුතු සිදුව තිබේ.

පසුගිය සඳුදා (14දා) යාපනය පිහිටි අමාත්‍යවරයාගේ කාර්යයාලයේදී මෙම ප්‍රදාන සිදුව තිබේ. මෙහිදි අදහස් දක්වා ඇති අමාත්‍යවරයා සිය මත්ස්‍ය අස්වැන්න නරක් නොවි තබා ගැනීමට දිළිදු ධිවරයන්ට අපහසු කාර්යයක් බැවින් ඉදිරිකාලයේදි තවත් ධිවර පිරිස් වලට මෙවැනි අසිස් පෙට්ටි ලබා දීමට කටයුතු කරණ බවද සඳහන් කර තිබේ.

Views: 18