උතුරේ තල් රා සහ අරක්කු විදේශ වෙළද පොළට යැවීම ගැන සොයා බලයි

උතුරු-නැගෙනහිර පළාතට ආවේණික තල් අරක්කු හා රා ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළද පොළට අපනයනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ තල් කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවන් හා අපනයනකරුවන් පිරිසක් කොළඹ පිහිටි සිය අමාත්‍යංශයේදි හමු වු අවස්ථාවේදිය

මේ හරහා කර්මාන්තයේ නියැලෙන ප්‍රඡාවගේ ආර්ථික තත්වය ඉහළ නැංවිමට පියවර ගැනීම අරමුණ වී තිබේ.

මෙහිදි අදහස් පලකර අපනයනකරුවන් තල් ශාකය මගින් ලබා ගන්නා රා සහ අරක්කු සදහා ශ්‍රි ලංකිකයන් බහුලව වෙසෙන කැනඩාව, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, නවසිලන්තය වැනි රටවලට විශාල ඉල්ලුමක් පවතින බව පවසා තිබේ.

එසේම මෙරට සුඛෝපභෝගි හෝටල් තුළද මෙම නිෂ්පාදන සදහා විශාල ඉල්ලුමක් ඇති බවත්, එම ඉල්ලුම සපුරාලිමට උතුරු නැගෙනහිර පළාතේ වෙළදාමේහි යෙදෙන්නටද බාධාවක් නොවන ආකාරයට මිලදි ගෙන අපනයනය කිරිම තම අපේෂාව වන බවත් මෙම අපනයනකරුවන් පවසා තිබේ.

මීට අමතරව තල් හකුරු, තල් බීම වලටද විශාල ඉල්ලුමක් පවතින බැවින් කර්මාන්තකරුවන් මේ සදහා යොමුකර විදේශ වෙළද පොලේ ඉල්ලුම අනුව නිෂ්පාදනය වැඩි කිරිමට අමාත්‍යවරයාගේ සහයෝගය අපේෂා කරන බවද එම නියෝජිතයන් පවසා තිබේ.

Views: 0