ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය සහ මාලදිවයිනේ MI විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් Asiri Health හි අධ්‍යයන අංශය වන ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය ((AAHS – Asiri Academy of Health Sciences) ලොව පිළිගත් අධ්‍යාපන ආයතනයක් වන මාලදිවයිනේ MI විද්‍යාලය සමඟ සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදු විය.

ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමියේ සිසුන් තවදුරටත් සවිබලගැන්වීමේ අරමුණින් සහ ඔවුන්ට ගෝලීය සෞඛ්‍ය සේවා වෘත්තීන් සඳහා මංපෙත් විවර කරවීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුමට පිවිසීම සිදුව තිබේ.

එසේම මාලදිවයිනේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට සහාය වීමද මෙහිදී සිදුවන බව එම ඇකඩමිය පවසයි. තවද, ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති රැකියා ඉලක්ක කරගනිමින් මාලදිවයිනේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට මෙන්ම හෙද, phlebotomy සහ වෛද්‍ය තාක්‍ෂණ අංශයේ සිසුන්ට ද පුහුණු වීම සහ අධ්‍යයනයන් සඳහා පහසුකම් සැපයීම මෙම හවුල්කාරීත්වය මඟින් සිදුවේ.

මෙම නව ගිවිසුම ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, එහි පළමු ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපෘතිය ලෙස මෙය වැදගත් තැනක් හිමිකරගනී. ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා වෘත්තීන් හි නියැලීමට අපේක්ෂා කරන සිසුන් සඳහා සුවිශේෂී අවස්ථාවන් රැසක් උදාකර දෙමින්, ආසිරි සෞඛ්‍ය සේවා ඇකඩමිය ජාත්‍යන්තර මට්ටම දක්වා ගමන් කිරීම මෙම ගිවිසුමත් සමඟ සිදුවන තවත් සුවිශේෂී දෙයකි.

ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය විසින් මාලදිවයිනේ සිසුන්ට 6 වන මට්මේ (NVQ 6) ජාතික වෘත්තීය සුදුසුකමක් සහිත, ජාතික මට්ටමින් ඉහළින් පිළිගත් හෙද ඩිප්ලෝමාවක් ද හඳුන්වා දී ඇත. එය උපාධියක් දක්වා හැදෑරීම් කළ හැකි, සුදුසුකම් ලත් හෙද වෘත්තිකයින් බිහි කරන වසර 3 ක පාඨමාලාවකි.

මීට අමතරව ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය විසින් විද්‍යාගාර වෘත්තිකයන් සඳහා 3 වන මට්ටමේ වෛද්‍ය රසායනාගාර සහකාර (තුන් මාසික) පාඨමාලා සහ phlebotomists සඳහා ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමට 3 වන මට්ටමේ Phlebotomy සහතික පත්‍ර (තුන් මාසික) පාඨමාලාවක් ද හඳුන්වා දී ඇත.

‍නූතන සහ නවීන සෞඛ්‍ය සේවා ක්‍රමවේදයන් සහ අද්විතීය රෝගී සත්කාර සේවා සැපයීම අරමුණු කරගනිමින් ඇඳන් 500 කින් යුත් තෘතීයික සත්කාර රෝහලක් වරාය නගරය තුළ විවෘත කිරීමට ආසිරි හෙල්ත් කටයුතු කරමින් සිටියි. හෙද උපාධිධාරීන් සඳහා වෘත්තීය අවස්ථා රැසක් එමගින් හිමිවන අතර එය ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පහසුකම් සහිත අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.

ආසිරි හොස්පිටල් හි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා මෙම නව හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින්. “මෙම හවුල්කාරීත්වයත් සමඟ ජාත්‍යන්තර මට්ටමේ පාඨමාලා හඳුන්වාදෙමින් මාලදිවයිනේ සෞඛ්‍ය සේවාවේ ධාරිතාව වර්ධනය කිරීමට ද ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය සහ Asiri Health කැපවීමෙන් කටයුතු කරනවා.” යනුවෙන් පවසයි.

Visits: 0