කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රමුඛතම ව්‍යාපාරික කේද්‍රස්ථානය වන කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු සඳහා මුල් ගල තැබීම ඊයේ උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

මේ දක්වා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව සහ විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රජයේ කැපවීම ඉදිරිපත් කෙරෙන ප්‍රමුඛතම ව්‍යාපෘතියකි.

මෙමමුල් ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි විය. මීට අමතරව මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති එච්.ඊ.කුයි සෙන්හොංග්, ගරු ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය  දිලුම් අමුණුගම, කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති දිනේෂ් වීරක්කොඩි හා  කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සංවර්ධක සමාගම ලෙස කටයුතු කරනCHEC Port City Colombo හි කළමනාකාර අධ්‍යක්ෂ යනමහත්වරුමෙන්ම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, විදෙස් ආයෝජකයින්, මෙරට තාක්ෂණික හා වාණිජ ක්ෂේත්‍රවල නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

දකුණු ආසියානු කලාපයේ තාක්ෂණික හා වාණිජ ක්ෂේත්‍ර ආශ්‍රිතව ප්‍රමුඛතම ස්ථානයකට ශ්‍රී ලංකාව පත් කිරීමට මෙම ව්‍යාපෘතිය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.  

වර්ධනය සහ සහයෝගීතාව සහතික කරන  උත්ප්‍රේරකයක් ලෙස හඳුන්වා දිය හැකි මෙම සුවිශේෂී ව්‍යාපාරික මධ්‍යස්ථානය, ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන කොළඹ දිස්ත්‍රික්කයට ආසන්නයේ  උපායමාර්ගික ව පිහිටා ඇත.

2024 වසරේ තුන් වන කාර්තුව වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කර ක්‍රියාත්මක කිරීමට අරමුණු කරන මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය වර්ග අඩි 120,000 ක වපසරියකින් සහ සුවිශේෂී පහසුකම් රැසකින් සමන්විත වන අතර, එමගින් තිරසාරත්වය සහ හරිත සංකල්පය ප්‍රවර්ධනය සඳහා කොළඹ වරාය නගරයට මනා සහයෝගයක් ලබා දෙයි.

එමෙන් ම මෙම සුවිශේෂී ව්‍යාපාරික මධ්‍යස්ථානය නවීන සේවාවන්ගෙන් හා පහසුකම්වලින් සමන්විත වීම ද කොළඹ වරාය නගරයේ තිරසාර සංකල්පවලට උත්තේජනය සපයන බවත් පවසයි.

Views: 0