Lanka Special Steels ජාත්‍යන්තර ප්‍රමිතියේ ‘Poultry 300’සහ ‘Premium 100’ GI කම්බි හඳුන්වා දෙයි

වසර 25කට අධික ඉතිහාසයකට උරුමකම් කියන, මෙරට  ගැල්වනයිස් කරන ලද වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Lanka Special Steels සමාගම, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ‘Poultry 300’ සහ ‘Premium 100’ ආදී වශයෙන් නව සන්නාම දෙකක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කෙරිණි.

JSW Steel, TATA Steel සහ Hindustan Zinc වැනි හොඳ ම අමුද්‍රව්‍ය භාවිතා කර නිපදවන, උසස් තත්ත්වයෙන් යුත් මෙම නිෂ්පාදන කුකුළු කූඩු, චේන් ලින්ක්, කටු කම්බි, PVC ආලේපිත දැල්, කේබල් ආර්ම වයර්, ACSR වයර් ඇතුළු පුළුල් අවශ්‍යතා පරාසයක් සඳහා විසඳුම් ලබා දෙන අතර, විශේෂයෙන් මෙම නිෂ්පාදන හරහා ඉන්දියානු වෙළෙඳපොළ ඉලක්ක කිරීම Lanka Special Steels සමාගමේ අරමුණයි.  

උසස් තත්ත්වයෙන් යුත් මෙම නව හොට් ඩිප්ඩ් ගැල්වනයිස් වානේ කම්බි නිෂ්පාදන ද්විත්වය එළිදැක්වීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය දා පැවැත්වුණු අතර, ඒ සඳහා Lanka Special Steels සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීන් ද සිල්වා, Salem Weld Mesh  කළමනාකාර අධ්‍යක්ෂ ආර්. නටරාජන්,  Lanka Special Steels සමාගමේ විකුණුම් හා අලෙවි ප්‍රධානී ගයාන් පතිනායක යන මහත්වරු ඇතුළු  Lanka Special Steels සහ Salem Weld Mesh යන සමාගම් දෙකෙහි ම සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.

මේ පිළිබඳව Lanka Special Steels සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීන් ද සිල්වා මහතා අදහස් දක්වමින්, “ඉන්දියානු වෙළෙඳපොළ තුළ වසර 30 කට වැඩි කාලයක් Poultry වෙළෙඳපොළ සහ සාමාන්‍ය දැල් වෙළෙඳපොළේ පළපුරුද්දක් සහිත,  Salem Weld Mesh සමාගමේ සහාය ඇති ව මෙම නව වෙළෙඳ  නාම ද්විත්වය ගෝලීය වෙළෙඳපොළ වෙත් නිල වශයෙන් හඳුන්වා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා. නවීනතම යුරෝපීය/කැනේඩියානු යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ සහිත නිෂ්පාදනාගාර සමගින් උපරිම කාර්යක්ෂමතාවකින් යුත් බෙදා හැරීමේ සේවාවක් ගොඩනැංවීම සඳහා ඉන්දියාවේ උපාය මාර්ගික ස්ථානවල  ගබඩා අංගන කිහිපයක් ස්ථාපිත කිරීමට ද අපි කටයුතු කරමින් සිටිනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය. 

මෙහි දී අදහස් දක්වමින් Salem Weld Mesh කළමනාකාර අධ්‍යක්ෂ ආර්.නටරාජන් මහතා, “Lanka Special Steels සමාගම සමඟ එක් ව කටයුතු කිරීමට ලැබීම ගැන  මම ඉතා සතුටු වෙනවා.  Poultry 300 සහ Premium 100 කම්බි නිෂ්පාදන බෙදා හැරීමේ සුවිශේෂී හවුල්කරු ලෙස කටයුතු කිරීමට ලැබීම අප සමාගම් දෙකේ දශක 2ක හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කරනවා.” යනුවෙන් පැවසීය.

Lanka Special Steels සමාගම ගෙන එන හොට් ඩිප්ඩ් ගැල්වනයිස් කරන ලද කම්බි නිෂ්පාදන වසරකට මෙට්‍රික් ටොන් 30,000 ක ධාරිතාවකින් යුතුව නිෂ්පාදනය කරන අතර, එම නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ( SLS ) සහ ඉන්දියානු ප්‍රමිති කාර්යාංශයේ (BIS) අනුමැතිය සහිත ය.  ඒ අනුව, Lanka Special Steels සමාගමේ නිෂ්පාදන සඳහා SLS 139:2003, IS 280:2006 සහ ISO 9001:2015 යන ප්‍රමිති සහතික ත්‍රිත්වය ම හිමි වී ඇත.

Views: 0