කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා එළැඹෙන උත්සව සමයේ රු. මිලියන 6ක ආකර්ශණීය ත්‍යාග

එළඹෙන උත්සව සමයේදී කොමර්ෂල් බැංකුව තම ඩෙබිට් කාඩ්පත් භාවිතයට අමතර ආකර්ශණයක් ලබා දෙමින්, ඉහළ වියදම් කරන්නන් සඳහා රුපියල් මිලියන 6ක වටිනා ත්‍යාග මල්ලක් පිරිනැමීමට තීරණය කර ඇත.

දෙදෙනෙකුට සියලු පහසුකම් සමඟ සිංගප්පූරුවේ නිවාඩුවක්, ඉහළ පෙළේ ලැප්ටොප් පරිගණක, සුඛෝපභෝගී හෝටල්වල නවාතැන් සහ රුපියල් 50,000ක අති විශාල වටිනාකමකින් යුත් සුපිරි වෙළෙඳ සැල් වවුචර 20ක්ද මෙසේ ත්‍යාග ලෙස පිරිනමනු ලබයි. මෙම ප්‍රවර්ධනයේදී කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ්පත් හිමියන් මසකට රුපියල් 25,000ක් හෝ ඊට වැඩි මුදලක් මිලදී ගැනීම් සඳහා වැයකිරීමෙන් දිනුම් ඇදීම්වලට සුදුසුකම් ලබයි.

මෙම ආකර්ශණීය ත්‍යාගවල ජයග්‍රාහකයින් පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී සිදුකෙරෙන දිනුම් ඇදීම් වලින් තෝරා ගැනීමට නියමිත අතර, මෙම ප්‍රවර්ධන කාලයට පාස්කු, රාමසාන් සහ සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයන් ඇතුළත් වෙයි.

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී නිශාන්ත ද සිල්වා මහතා මෙසේ පැවසුවේය. “මෙවැනි ප්‍රවර්ධනයන් සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් ඉලක්ක කරන නමුත් අපගේ ‘Debit Card Gift Fiesta’ නැමති ප්‍රවර්ධනය දියත් කිරීමෙහි අරමුණ වන්නේ, මුදල් ගෙවීම වෙනුවට එදිනෙදා ගනුදෙනු සඳහා ඩෙබිට් කාඩ්පත් භාවිත කිරීමේ පුරුද්ද ඇති කිරීමයි. එසේම මේ මගින් අපගේ විශ්වාසවන්ත ඩෙබිට් කාඩ්පත් හිමියන්ට වටිනා ත්‍යාග පිරිනැමීමද අපගේ පරමාර්ථයයි.”

Views: 0