හාර් පෝ ගුණරත්නගේ Salone Ceylon by Harpo බැංගලෝරයේදී විවෘත කෙරේ

මෙරට සුප්‍රසිද්ධ පීසා අලෙවි සැල් ජාලයක් වන Harpo’s Pizza හි නිර්මාතෘවරයා වන හාර් පෝ ගුණරත්න විසින් ශ්‍රී ලාංකික ආහාර පාන රැගත් නවතම අලෙවි සැලක් ඉන්දියාවේ බැංගලෝරයේදී විවෘත කර ඇතැයි පවසයි.

Salone Ceylon by Harpo ලෙස නම් කර ඇති මෙම අවන්හල අද (පෙබරවාරි 25) දිනයේදී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ, අංක 42/7 නව ගුවන් තොටුපොළ පාර, මීනාකුන්ටේ හිදී විවෘත කර තිබේ.

මෙම නව අවන්හල විවෘත කිරීම සම්බන්ධයෙන් සිට X ගිණුමේ සටහනක් තබා ඇති හාර්පෝ ගුණරත්න මහතා, “අපගේ නවතම ව්‍යාපාරය මගින් ශ්‍රී ලාංකික ආහාර පාන බැංගලෝරයේ ජනතාව වෙත රැගෙන එනවා.” යනුවෙන් පවසා තිබේ.

ශ්‍රී ලංකික ආහාර මෙන්ම ඉතාලි ආහාරද ඇතුළත් Salone Ceylon By Harpo අවන්හල ඉන්දියාවේ Stanley ආයතනය සහ ශ්‍රී ලංකාවේ Harpo’s අතර ඇති කරගත් හවුල්කාරීත්වයක් යටතේ ඉදිරිපත් කර තිබේ.

Views: 0