සිය විකුණුම් මෙහෙයුම් වැඩිදියුණුවට Sunshine Consumer, ‘Project Delta’ එළිදක්වයි

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි පාරිභෝගික අංශය වන සන්ෂයින් කන්සියුමර් ලංකා (SCL)  අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ විකුණුම් කටයුතු සාර්ථකව ඉදිරියට යාම සඳහා උපායමාර්ගික පියවරක් ලෙස‘Project Delta’ නමින් නව විප්ලවීය ව්‍යාපෘතියක් එළිදැක්වීය.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ සමාගමේ සැපයුම් ජාලය, අලෙවිකරණය සහ විකුණුම් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීමත්, කොවිඞ් වසංගතයෙන් පසු කාලයේදී වෙනස් වන වෙළඳපල තත්ත්වයන්ට ඉක්මනින් අනුගත විය හැකි හා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉලක්ක කරගත් සමාගමක් බවට Sunshine Consumer සමාගම පත් කිරීමයි.

සමාගම සිය සියලූ ආදායම් උත්පාදන ක‍්‍රියාකාරකම් හසුරුවන ආකාරය වෙනස් කිරීමේ පුළුල් ප‍්‍රයත්නයක් වශයෙන් 2023 අපේ‍්‍රල් මාසයේදී‘Project Delta’ ආරම්භ කරන ලදී. Sunshine Consumer සිය විකුණුම් මෙහෙයුම් විප්ලවීය වෙනසකට ලක් කිරීම සඳහා ප‍්‍රවීන අලෙවිකරණ සහ විකුණුම් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීනයෙකු වන නන්දන වික‍්‍රමගේ මහතාගේ මගපෙන්වීම යටතේ Project Delta හි පළමු අදියර ආරම්භ කළේය. එහිදී මූලික වශයෙන් දැනට පවතින විකුණුම් ව්‍යුහය, විකුණුම් පද්ධති සහ විකුණුම් ශ‍්‍රම බලකාය පිළිබඳ පුළුල් ඇගයීමක් සිදු කෙරිණි.

පළමු අදියරේදී රැස් කරගත් විශේෂිත දැනුම පදනම් කරගනිමින් දෙවන අදියරේදී විප්ලවීය යෝජනා හඳුන්වා දෙන ලද අතර එම යෝජනා මගින් සමාගමේ විකුණුම් මෙහෙයුම් ප‍්‍රතිනිර්මාණය කිරීමේදී සුචල්‍යතාව, ඩිජිටල්කරණය සහ පාරිභෝගික කේන්ද්‍රගත ක‍්‍රියාදාමයන්වල වැදගත්කම අවධාරණය කර ඇත. තවද, දෙවන අදියරේදී සමාගමට අතිනවීන තාක්ෂණ ක‍්‍රමෝපායන් යෙදවීමත්, පෙර විශ්ලේෂණයන්ගෙන් ලබාගත් වටිනා තොරතුරු සහ දැනුම උපයෝගී කර ගැනීමටත් සහ වඩාත් ගතික ව්‍යාපාරික පරිසරයක් තුළ සාර්ථක වීමට අවශ්‍ය කුසලතා සහ මෙවලම් එහි විකුණුම් ශ‍්‍රම බලකායට ලබා දීමටත් මාර්ගය සකසා ඇත.

”අසීරු ආර්ථික තත්වයන් තුළ ඉදිරියට ගමන් කිරීමේදී Sunshine Consumer හි අපි නවෝත්පාදනයට සහ අනුවර්තනය වීමට කැපවී සිටිනවා. අපගේ සමස්ත විකුණුම් ක‍්‍රියාවලියේ සිදු කරනු ලබන සැලකිය යුතු වෙනස්කම්වලට නන්දන වික‍්‍රමගේ මහතා දායකත්වය දීමත් සමඟින්  ඕනෑම ව්‍යාපාරික පරිසරයක සාර්ථක විය හැකි ශක්තිමත් සහ ඔරොත්තු දිය හැකි විකුණුම් ශ‍්‍රමබලකායක් නිර්මාණය කිරීමට අප උනන්දුවෙන් සිටිනවා.” යනුවෙන් Sunshine Consumer හි කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් සතාසිවම් මහතා පැවසීය.

‘Project Delta’ යටතේ ක‍්‍රියාත්මක කරන ලද උපායමාර්ගික ක‍්‍රියාමාර්ග හේතුවෙන් දැනටමත් Sunshine Consumer සඳහා සුවිශේෂී වර්ධනයක් සහ කාර්යසාධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව පාරිභෝගික අංශයේ ආදායම 21% ක් ලෙස කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් FY24 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 4.7 ක් වාර්තා කර ඇති අතර අදාල කාලය තුළ සමූහයේ ආදායමට 35% ක දායකත්වයක් ලබා දුන්නේය. තවද සමාගම Zesta, Watawala, Ran Kahata සහ Dainteeවැනි ප‍්‍රමුඛ පෙළේ ශ‍්‍රී ලාංකේය සන්නාම සමඟින් පාරිභෝගික අංශයේ ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කර ඇත.

Sunshine Consumer යනු තේ සහ රසකැවිලි නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ වෙළඳපල නායකත්වයට හිමිකම් කියන ප‍්‍රගතිශීලී රසකැවිලි සන්නාම සමාගමකි. අපගේ සන්නාම වන්නේ Zesta (තේ), වටවල තේ, රන් කහට (තේ), ඬේන්ටී (ටොෆි සහ චොකලට්ස්), මයිලේඩි (කැන්ඩි) සහ Xtra (ලොසින්ජර සහ බබල්ගම්) ය. අපගේ තේ සන්නාම තුන එක්ව 50% කට වඩා වැඩි වෙළඳපල කොටසක් හිමි කරගෙන ඇත.තවද සමාගම ටොෆී හා රසකැවිලි ක්ෂේත‍්‍රයේ 40%ක වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියයි.

Visits: 80