විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් Cleantech සම්පත් පියස රාජගිරියේදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගමසිය නව විද්‍යුත් අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය “සම්පත් පියස”නමින් රාජගිරියේ දී විවෘත කරන ලදී.

මෙම මධ්‍යස්ථානය මඟින් පාරිසරික වශයෙන් බලපෑම්කාරී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ කළ හැකි අපද්‍රව්‍ය එක්රැස් කිරීම සිදුකරනු ලබයි.

රාජගිරිය හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම ව්‍යාපාරික ස්ථාන සඳහා වඩාත් පහසු, පාරිසරික වශයෙන් ආරක්ෂිත අපද්‍රව්‍ය බැහැර කිරීමේ විසඳුමක් ලෙස මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනු ලබයි.

මෙම සුවිශේෂි අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන්වශයෙන් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ (WMA) සභාපති මෙරිල් පෙරේරා මහතා,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නාගරික කොමසාරිස් ශාලිකා රණවීර මහත්මිය මෙන්ම පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිසර, ප්‍රතිපත්ති හා සැලසුම්) ආර්.එචි.එම්.පී අබේකෝන් මහත්මිය, මධ්‍යම පරිසර අධිකාරියේ රසායනික හා අන්තරායකර අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රාජිත ජල්තොට මහතා ඇතුළුව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නිලධාරීන්, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ Cleantech Pvt Ltd ආයතනය නියෝජනය කරමින් නිලධාරීන්රැසක් ද සහභාගී විය.

මෙම අවස්ථාව පිළිබඳව Cleantech පුද්ගලිකසමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුකිත නානායක්කාර මහතා මෙසේ සිය අදහස් දැක්වීය.“Cleantech ආයතනය නිරතුරුවම පාරිසරික වශයෙන් රටට හිතකර ව්‍යාපෘතීන් දියත් කිරීම කෙරෙහි අවධානය යොමුකරනු ලබනවා. රාජගිරිය ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන විවෘත කරන මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන ඉලක්කය තාක්ෂණික අපද්‍රව්‍ය  වඩාත් හොඳින් ප්‍රතිචක්‍රීකරණය සිදුකර නැවත සකස්කර භාවිතයට යොමුකිරීමයි. එ් මඟින් මෙරට ජනතාව, ව්‍යාපාර වගේමආර්ථික උන්නතිය වෙනුවෙන් දායකත්වය ලබාදීමට අපි අපේක්ෂා කරනවා.විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය සැබෑවක් කරගන්න දායකත්වය ලබාදුන් Cleantech කණ්ඩායමට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ කැපවීම, මහන්සිය බෙහෙවින් අගය කළ යුතුයි.’’

Cleantech පුද්ගලික සමාගම අපද්‍රව්‍ය කළමනාකරණ හා ප්‍රතිචක්‍රීකරණය සඳහා වන නව්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ දිගුකාලීන කිර්තියක් දිනාගෙන ඇත. මෙයට අමතරව කෘත්‍රීම පාරිසරික පද්ධති නඩත්තුකරණය, සනීපාරක්ෂක සේවා පහසුකම් සැපයීම වැනි සේවාවන් හරහා වසර 21 කට වැඩි ක්ෂේත්‍රගත පළපුරුද්දක් සහිතව නව ව්‍යාපාරික අවස්ථා සංවර්ධන කරමින් ඉදිරියට ගමන් කරන ප්‍රමුඛතම සමාගමක් වශයෙන් ද Cleantech සමාගම හඳුන්වාදිය හැකිය.

Visits: 53