ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නව පාලක මණ්ඩලය පත් කෙරේ

පසුගියදා නීතිගත කරන ලද 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි විධිවිධාන යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පාලක මණ්ඩලයේ සමාජිකයන්ගේ සමාරම්භක රැස්වීම ඊයේ (21දා) පැවැත්වුණු බව මහ බැංකුව පවසයි. 

මෙහිදී අලුතින් පිහිටුවන ලස මෙම පාලක මණ්ඩලය මුදල් නීති පනතෙහි විධිවිධාන යටතේ මින් පෙර ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයේ අනුප්‍රාප්තිකයා ලෙස ක්‍රියා කරයි.

ඒ අනුව මෙම නව පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පත් කෙරී තිබේ. එසේම මින් පෙර මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වූ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, නිහාල් ෆොන්සේකා මෙන්ම ආචාර්ය රවී රත්නායක සහ අනුෂ්ක විජේසිංහ යන මහත්වරුන්ද මෙම පාලක මණ්ඩලය වෙත පත් කෙරී තිබේ.

Visits: 97