වසරේ නැගී එන ඉස්ලාමික මුල්‍ය ආයතනය ලෙස Orient Finance රන් සම්මාන දිනාගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් වන Orient Finance මෑතක දී පැවැතිිී ‘Sri Lanka Islamic Banking and Finance Industry Awards’ සම්මාන උළෙලේ සම්මාන දෙකක් හිමි කරගත් බව පවසයි.

ඒ අනුව ආයතනයේ Alternative Finance Business Unit (AFBU) ව්‍යාපාර අංශය විසින් Emerging Islamic Finance Entity of the Year සඳහා රන් සම්මානය සහ Digital Marketing Campaign of the Year සඳහා කුසලතා සම්මානය තමන් සතු කරගැනීමට සමත් විය.

ඉස්ලාමික මුල්‍ය ක්ෂේත්‍රය තුළ නව්‍ය සහ ඉහළ ගුණාත්මකත්වයෙන් යුතු සේවාවන් ස්ථාපිත කිරීම වෙනුවෙන් AFBU අංශය දැක්වූ කැපකිරීම මෙම ඇගයීම තුළින් මනාව පැහැදිළි වෙයි.

ආයතනය ලබාගත් මෙම සාර්ථකත්වයට හේතු වූ සංකල්ප කිහිපයක් තිබේ. ඉස්ලාමික මුල්‍ය මූලධර්ම එලෙසින්ම පවත්වා ගැනීමට කළ කැපකිරීම, ආචාරධාර්මික වීම සහ ශරීයා මුල්‍ය වත් පිළිවෙත් අනුගමනය කිරීම, මුල්‍ය සේවා ව්‍යාප්තිය සාර්ථකව සිදුකිරීම, පුද්ගලයන් සහ සිය ආයතනික කණ්ඩායම් වෙනුවෙන් සිදුකළ උපායමාර්ගික ආයෝජනය, ඉහළ පාරිභෝගික සේවාවක් ලබාදීම උදෙසා සිදුකළ අප්‍රතිහත කැපකිරීම සහ පාරිභෝගිකයන්ගේ සියලුම මුල්‍ය අවශ්‍යතා මනාව ඉටුකර ගැනීමට හැකියාව ඇති නිපැයුම් සහ සේවා පරාසයක් පවත්වා ගැනීම ආදිය මෙම සංකල්ප වෙයි.

මෙම ප්‍රයත්නයන් හේතුවෙන් වසර දෙකකට අඩු කාලයක් තුළ වඩාත් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට ආයතනය සමත් වූ අතර ඉජාරා මුල්‍ය ව්‍යාපාර තුළින් මිලියන 600කට වැඩි අගයක් සහ වකලහ කාලීන ආයෝජන තුළින් මිලියන 500කට වැඩි මුල්‍ය අගයක් අත්පත් කරගැනීමට සමත්විය.

වසරේ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරයට හිමි කුසලතා සම්මානය තුළින් නිර්මාණාත්මක අන්තර්ගතයන් බෙදාගැනීම, උපායමාර්ගිකව ඉලක්කගත දැන්වීම් සහ නව්‍ය ප්‍රචාරණ දැන්වීම් නිර්මාණය ආදී ක්‍රියාමාර්ග ඇගයීමට ලක්විය. තවද විකල්ප මුල්‍ය ව්‍යාපාර ඒකකයේ (AFBU) නිෂ්පාදන විශේෂාංග පිළිබඳව නිතිපතා සන්නිවේදන කිරීම, ආයතනික අනුකූලතා වලට අනුගත වීම, නිවැරදි ඉලක්කගත කණ්ඩායම් වෙත ළඟාවීම ආදී සන්නිවේදන ක්‍රමවේදයන් ද මෙහිදී සැලකිල්ලට භාජනය කර තිබේ.

අත්පත් කරගත් සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ අදහස් දැක්වූ Orient Finance ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම් ජබීර් මහතා;“ඉස්ලාමික මූලධර්ම අනුව ඉතා උසස් මුල්‍ය සේවාවක් ලබාදීම වගේම අපේ පාරිභෝගිකයන්ට ආචාරධාර්මිකව සහ වගකීමක් සහිතව මුල්‍ය විසඳුම් ලබාදීම වෙනුවෙන් අප කළ කැපකිරීමට ලැබුණු මෙම වටිනා සම්මාන අපට ලැබුණු ගෞරවයක් වගේම අපට ඉතාම සතුටක්. මම මගේ ගෞරවය තමන්ගේ මුල්‍ය සේවා ඉටුකර ගැනීම වෙනුවෙන් අපව විශ්වාස කරමින් අප සමග රැදෙන අපේ ආදරණීය පාරිභෝගික ජනතාවට ලබාදෙනවා. එසේම ආයතනයේ දියුණුව වෙනුවෙන් කැපකිරීම් කළ ඒකකයේ ප්‍රධානී ඉෆාත් ශූහුරි ප්‍රමුඛ විකල්ප මුල්‍ය ව්‍යාපාර ඒකකයේ සියලු දෙනාටම මගේ හදපිරි ප්‍රණාමය පුදකරන්නත් කැමතියි. අපේ පාරිභොගිකයන්ගේ ජීවන අගයන් සහ විශ්වාසයන්ට අනුගතවන සහ නවීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි මුල්‍ය විසඳුම් ලබාදීමට අප සැමදා කැපවෙනවා.”  යනුවෙන් පවසයි.

Visits: 72