Daraz Fresh සමඟින් Grocery Shopping අත්දැකීමට නව වෙනසක්

ශ්‍රී ලංකාවේ දැවැන්තම Online විකුණුම් ජාලය වන Daraz පසුගියදා Daraz Fresh හඳුන්වා දී ඇත. දොරකඩටම පහසුවෙන් භාණ්ඩ ඩිලිවරි කරන Daraz Mart වෙතින් නැවුම් පළතුරු හා එළවළු පෙළක් මේ හරහා එක්කර තිබෙන්නේ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවල පරාසය තවත් පුළුල් කරමිනි.

Daraz Mart යනු, Daraz App එකේ තිබෙන ඊ – වෙළෙඳසැළකි. එදිනෙදා අත්‍යවශ්‍ය බඩුමුට්ටු වන කුළුබඩු, ධාන්‍ය වර්ග, වියළි ආහාර, පාන වර්ග, රෙදි සෝදන ද්‍රව්‍ය, ළඳරු නිෂ්පාදන ඇතුළු විවිධ ඛාණ්ඩවල භාණ්ඩ වර්ග රැසක් Daraz Mart වෙතින් මිලදීගත හැකියි.

Daraz Fresh යනු, Daraz Mart යටතේ ඇති භාණ්ඩ ප්‍රමාණය තවත් ප්‍රසාරණය කිරීමකි. පාරිභෝගිකයන්ට කිසිඳු බාධාවකින් තොරව එදිනෙදා සාප්පු සවාරි යාමේ අත්දැකීම මෙයින් පහසු කරයි.

Daraz Fresh එළිදැක්වීමේ උත්සවයේදි Darazහි ප්‍රධාන වාණිජ්‍ය නිලධාරි ඔෂාන් රණතුංග මහතා ‌මෙසේ අදහස් දැක්වීය: ‘’Daraz Fresh සමඟින් ශ්‍රී ලංකාවේ දැනටමත් වේගයෙන් දියුණු වෙමින් පවතින ඊ- වෙළෙඳසැළක් වන Daraz Mart වෙත නව අංගයක් එක් කිරීමට අපට හැකි වුණා. දිනපතා අත්‍යවශ්‍ය බඩුමුට්ටු ලැයිස්තුවේ නොවදරවා තියෙන එළවළු, පළතුරු පාරිභෝගිකයන්ට තරගකාරී මිල ගණන් යටතේ එකම තැනකින් මිලදී ගැනීමට මෙයින් අවස්ථාව ලැබෙනවා. අපගේ පාරිභෝගිකයන්ට හොඳම වටිනාකම ලබාගැනීම සහතික කිරීම සඳහා අපි මෙම භාණ්ඩ පෙළ සඳහා අය කරන්නේ සාධාරණ ඩිලිවරි ගාස්තුවක් පමණි. පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සතිපතා අත්‍යවශ්‍ය බඩුමුට්ටු නියමිත වෙලාවට ලබාගැනීම වෙනුවෙන්, සියල්ල අප දොරකඩටම ඩිලිවරි කරනවා’’.

නව ප්‍රවණතා, තාක්ෂණික දියුණුව, Covid 19 වසංගතය හා ආර්ථික අර්බුදය වැනි බාහිර සාධක මඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ හැසිරීමේ කැපී පෙනෙන වෙනසක් ඇති විය. එහි එක් කැපී පෙනෙන ප්‍රවණතාවයක් වන්නේ, 2023 Daraz-SLASSCOM ඊ- වාණිජ්‍ය වාර්තාවේ පෙන්නුම් කර ඇති පරිදි එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා Online සාප්පු සවාරි යාමයි. මෙහිදී පාරිභෝගික හැසිරීම හඳුනා ගනිමින් Daraz Fresh යනු, සාප්පු සවාරි අත්දැකීම නැවුම් කිරීම අරමුණු කරගත් අලුත් මාවතකට ප්‍රවිශ්ට වූ පියවරකි. මෙම උපායමාර්ගික පියවර මඟින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයෙන් සාප්පු සවාරි යන්නන්ගේ අවශ්‍යතාවය සපුරාලීමට වෙළෙඳ සන්නාම හා ව්‍යපාරවලට හැකිවන අතර පාරිභෝගිකයන්, විකුණුම්කරුවන් හා අන්තර්ජාල වෙළෙඳපොළවල් අතර ප්‍රබල සම්බන්ධතාවයක් ඇති කරයි.
Daraz සමඟින් සාප්පු සවාරි යන්නන්ට ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්වලින් ගෙවීමේ පහසුවත් හිමිවෙන නිසා, දෛනික අත්‍යවශ්‍යතා සඳහා වැඩි ඉතිරියක් ලබාගත හැකියි. එසේම පොලී රහිතව මාස තුනක් දක්වා Koko වෙතින් Buy Now Pay Later පහසුකමත් හිමිවීම විශේෂත්වයක්.

Daraz Fresh Mart Sundays හා 1st Day Sale වැනි ප්‍රවර්ධන සමඟින් තවත් අඳහාගන්න බැරි වාසි අත්විඳිය හැකියි. අපගේ පාරිභෝගිකයන්ගේ සාප්පු සවාරි අත්දැකීම ඉහළ නැංවීමට හා ඔවුන්ගේ එදිනෙදා ජීවන රටාවේ තෝරාගැනීම් සඳහා, දැරිය හැකි මිලකට පහසු අත්දැකීමක් මේ හරහා පිරිනමයි. පාරිභෝගියන්ට Daraz Mart ඊ- වෙළෙඳසැළේ පහසුව හා වටිනාකම අත්විඳීමට මෙයින් ප්‍රවේශ විය හැකියි.

Visits: 65