Saegis Campus වෙතින් උසස් පෙළ සිසුන්ට 75%ක් දක්වා ශිෂ්‍යත්ව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන Saegis Campus, ජාත්‍යන්තර මට්ටමේ දැනුම දේශීය සිසුන්ට සමීප කිරීමේ සිය දස වැනි සංවත්සරය සමරමින්, මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව ජයගත් සිසුන් සඳහා 75%ක් දක්වා ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර තිබේ.

උසස් පෙළ විභාගයේ විෂයන් තුනක් සමත් වූ සිසුන්ට මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කළ හැකි අතර, ඔවුන්ගේ සාමාර්ථයේ මට්ටම අනුව ඔවුන්ට හිමිවන ශිෂ්‍යත්වයේ ප්‍රමාණය රඳා පවතියි. ඒ අනුව, විෂයන් තුනටම A සාමාර්ථ ලබාගත් සිසුන්ට 75%, විෂයන් තුනටම B සාමාර්ථ ලබාගත් සිසුන්ට 45%, විෂයන් තුනටම C සාමාර්ථ ලබාගත් සිසුන්ට 30% සහ විෂයන් තුනටම S සාමාර්ථ ලබාගත් සිසුන්ට 15% ආදී ලෙස ශිෂ්‍යත්ව හිමිවේ. මෙම ශිෂ්‍යත්ව සිසුන්ගේ පළමු අධ්‍යයන වර්ෂයට අදාළ වන අතර, ඔවුන්ගේ අධ්‍යයන කාර්යසාධනය මත සෙසු අධ්‍යයන වර්ෂ දක්වා ද ශිෂ්‍යත්වය දිගු කරගැනීමේ හැකියාව පවතියි.

සංචාරණය සහ ආගන්තුක සත්කාර කළමනාකරණය, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය, ගිණුම්කරණය හෝ මූල්‍යයනය යන විෂයන් අතුරින් විශේෂවේදී උපාධියක් ලෙස ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධියක් (Bachelor of Business Management) හෝ ව්‍යාපාර පරිපාලනවේදී (Bachelor of Business Administration) උපාධියක් ද, පරිගණක විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරුවේදය සහ තොරතුරු තාක්ෂණවේදය යන විෂයන් අතුරින් විශේෂවේදී උපාධියක් ලෙස විද්‍යාවේදී ගෞරව උපාධියක් (Bachelor of Science) ද, තොරතුරු තාක්ෂණවේදී උපාධියක් (Bachelor of Information Technology) ද හැදෑරීමේ අවස්ථාව උදා වේ.

එමෙන්ම සිසුන්ට අධ්‍යයන වේලාවන් තෝරාගැනීමේ නම්‍යශීලීත්වය ද Saegis Campus පිරිනමයි. එ් අනුව සිසුන්ට උපාධියේ පළමු වසර දෙක තුළ සතියේ දිනවල ද, අවසාන වසර දෙක තුළ සති අන්තයේ දිනවල ද දේශනවලට සහභාගී වීමට හැකියාව ඇත. නුගේගොඩ පිහිටා ඇති Saegis Campus මගින් සිසුන්ට වඩාත් හිතකර සහ නවීන පහසුකම්වලින් යුත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර ඇති අතර, නොමිලයේ පැවැත්වෙන ඉංග්‍රීසි භාෂා පන්ති ද ඊට ඇතුළත් ය. ඊට අමතරව, ආරක්ෂිත නේවාසික පහසුකම්, වෘත්තීය මාර්ගෝපදේශනය, පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන් ආදී පහසුකම් රැසක් සිසුන්ට ලබාගත හැක.

Saegis Campus හි තවත් විශේෂත්වයක් වන්නේ ඉතාමත් තරගකාරී ක්ෂේත්‍රවල සේවාස්ථ පුහුණු අවස්ථා සිසුන්ට හිමිකරදීමයි. එමගින් සිසුන්ට තමන්ගේ විෂයට අදාළව වටිනා ප්‍රායෝගික පුහුණුවක් හිමිවන අතර, එය ඔවුන්ට අනාගතයේ හොඳ රැකියා අවස්ථා හිමිකරගැනීමේ හැකියාව ද ඉහළ නංවයි.Saegis Campus හි කථිකාචාර්ය මඬුල්ල ද ආචාර්ය උපාධි හිමි කථිකාචාර්යවරු රැසක් ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රයවල ප්‍රවීණයින්ගෙන් සමන්විත වේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් ප්‍රථම උපාධි පාඨමාලා පිරිනමන Saegis Campus මගින් රජය විසින් ලබාදෙන පොලී රහිත උසස් අධ්‍යාපන ණය ලබාගැනීමට ද සිසුන්ට හැකියාව ඇත. තව ද, එක්සත් රාජධානියේ Canterbury Christ Churchසරසවිය හා එක්ව HNDs,top-up උපාධි සහ පශ්චාද් උපාධි පාඨමාලා ද Saegis Campus පිරිනමයි. වැඩිදුර තොරතුරු සඳහා 0770430000 දුරකථන අංකය හෝ www.saegis.edu.lk වෙබ් අඩවිය හරහා Saegis Campus සමඟ සම්බන්ධ වන්න.

Views: 45