HEINEKEN Lanka හි විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ ලෙස චමින්ද රාජපක්ෂ මහතා පත් කෙරේ

HEINEKEN Lanka හි විකුණුම් හා වෙළෙඳ අලෙවිකරණ අධ්‍යක්ෂවරයා ලෙස, චමින්ද රාජපක්ෂ මහතා පත් කළ බව එම සමාගම නිවේදනය කරයි.

මෙම පත් කිරීම පිළිබඳ අදහස් දැක්වූ HEINEKEN හි කළමනාකාර අධ්‍යක්ෂිකා Meijboom-van Wel මහත්මිය සඳහන් කර සිටියේ “චමින්ද රාජපක්ෂ HEINEKEN Lanka කළමනාකරණ කණ්ඩායමට සාදරයෙන් පිළිගනු ලබනවා. සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීම හා භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් ඔහු දක්වා ඇති විශිෂ්ටත්වය, අපගේ HEINEKEN EverGreen උපාය මාර්ගය තව දුරටත් ඉදිරියට ගෙන යාමට දායක වනු ඇත. විශේෂයෙන් දිගු කාලීන තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා පාරිභෝගිකයින් වෙත සතුටක් ලබා දීමට අප කටයුතු කරන බැවින් ඒ සඳහා ඔහුගේ නායකත්වය යටතේ උසස් හා සමබර වර්ධනයක් පවත්වාගෙන යනු ඇතැයි මම විශ්වාස කරනවා” යනුවෙනි.

ක්ෂේත්‍රය තුළ දශක දෙකක අත්දැකීම් සහිත පළපුරුදු විකුණුම් ප්‍රවීණයකු වන චමින්ද විකුණුම් අංශයේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු රැසක් හොබවා ඇති අතර, විශාල කණ්ඩායම් සඳහා නායකත්වය ලබා දෙමින්, විකූණුම් වෙළෙඳපොල මනාව කළමනාකරණය කිරීමට කටයුතු කොට ඇත.

Visits: 73