Samsung නවතම Galaxy Z Fold5 සහ Galaxy Z Flip5 ස්මාර්ට් ජංගම දුරකතන හඳුන්වා දෙයි

නවෝත්පාදන සහ අද්විතීය අත්දැකීම්වල නව පරිච්ෙඡ්දයක් සනිටුහන් කරමින් සැම්සුන් ශ්‍රී ලංකා විසින් නවතම Galaxy Z Fold5 සහ Z Flip5 සඳහා ඇණවුම් භාරගනු ලබන බව පසුගියදා නිවේදනය කළේය.

මෙම අතිනවීන තාක්ෂණය smartphone වලට දැඩි කැමැත්තක් දක්වන්නන් ආකර්ෂණය කරගනු ඇති බව නොඅනුමානය.පාරිභෝගිකයින්ට දැන් ඔවුන්ගේ devices කලින් ඇණවුම් කර සුවිශේෂී දීමනා ලබා ගත හැකි අතර මෙය ඊළඟ පරම්පරාවේ ජංගම දුරකතන තාක්ෂණය වෙත ඔබව පහසුවෙන් රැගෙන යනු ඇත.

ඔබ Galaxy Z Fold5 සහ Z Flip5 පෙර ඇණවුම් කරන විට, ඔබට සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් හිමි වේ. ඉන් වඩාත්ම ආකර්ෂණීය දීමනාව වන්නේ full-screen replacement සඳහා වන විශේෂ දීමනාවයි.එහිදී ඔබට Galaxy Z Fold5 සඳහා රුපියල් 383,999ක් සහ Galaxy Z Flip5 සඳහා රුපියල් 255,999 ක් ඉතිරි කර ගත හැකිය.

ඔබගේ ජංගම දුරකතනයේ තිරයට අනපේක්ෂිත අනතුරක් සිදු වුවහොත් මෙය ඔබට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය. එපමණක් නොව පෙර ඇණවුම් කරන පාරිභෝගිකයින්ට මාස 6ක් සඳහා Microsoft365 මූලික subscription කිරීමක් සමඟින් 100GB cloud storage හිමි වේ. මීට අමතරව Dialog විසින් මාස 2ක් සඳහා 300GB data ප‍්‍රමාණයක් ද SLT Mobitelවිසින් මාස 3ක් සඳහා 600GB ක data ප‍්‍රමාණයක් ද සමඟින් සුවිශේෂී දීමනාවක් ලබා දෙයි.

Galaxy Z Fold5 සහ Galaxy Z Flip5 පාරිභෝගිකයාට වඩාත් ආකර්ෂණීය, සිත්ගන්නා සුළු හා නවමු අත්දැකීමක් විඳීමට අවස්ථාව සලසා දෙන අතර ඔබට දැන් ඇදහිය නොහැකි මිල ගණන් යටතේ ඒවා පෙර ඇණවුම් කළ හැකිය. Galaxy Z Fold5 රුපියල් 564,399 ක් වැනි සුවිශේෂී මිලකට ලබා ගත හැකි අතර එමඟින් පාරිභෝගිකයින්ට රුපියල් 35,600 ක් ඉතිරි කර ගැනීමට හැකිය.Galaxy Z Flip5 රුපියල් 346,099 ක් වැනි විශේෂ මිලකට මිලදී ගෙන පාරිභෝගිකයින්ට රුපියල් 53,900 ක් ඉතිරි කර ගත හැකිය. (*කොන්දේසි අදාල වේ)

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හාSoftlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට සැම්සුන් හි නවතම Galaxy Z Fold5 සහ Galaxy Z Flip5 පෙර ඇණවුම් කළ හැකිය.එමෙන්ම Samsung හි බලයලත් හවුල්කරුවෙකු වන Singer Sri Lanka වෙතින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog හාMobitel සහ නිල බැංකු සහකරුවා වන NTB බැංකුව මගින් ද මෙම නවතම Galaxy Z Fold5 සහ Galaxy Z Flip5 පෙර ඇණවුම් කළ හැකිය.

සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා පැවසුවේ ‘‘සැම්සුන් හි අපි කැපවී සිටින්නේ අතිනවීන තාක්ෂණය සහ අසමසම අත්දැකීම් අපගේ වටිනා පාරිභෝගිකයන් වෙත ලබා දීමටයි. මෙම නවතම Galaxy Z Fold5 සහ Galaxy Z Flip5 අපගේ නවෝත්පාදනයන් සඳහා වූ කැපවීම පිළිබඳ සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි.පෙර ඇණවුම් කිරීමේදී අපගේ පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට හැකි වීම පිළිබඳව අපට සතුටුයි.ඔවුන්ට මෙම සුවිශේෂී devices වල අද්විතීය විශේෂාංග අත්හදා බැලීමට සහ ඒවායේ සුවිශේෂී හැකියාවන් සොයා බැලීමට මෙමගින් හොඳම අවස්ථාවක් ලබා දෙනවා.’’ යනුවෙනි.

සැම්සුන් සැමවිටම සිය පාරිභෝගිකයින්ට අසමසම සේවාවක් සහ සහයෝගයක් ලබා දීමට කැපවී සිටී. Samsung Members යෙදවුමේ ඇති අන්තර්ක‍්‍රියාකාරී ලක්ෂණ සහ ප‍්‍රශස්තිකරණය මඟින් device ක‍්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම පහසුවෙන් සිදු කරන අතර එහි උපකාරක සේවාව මගින් ඕනෑම ගැටලූවක් නිරාකරණය කිරීම සඳහා අමතර සහායක් ලබා දෙයි.

Visits: 38