පර්පචුවල් ට්‍රෙෂරීස් තහනම තවත් මාස හයකට දීර්ඝ කෙරේ

පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස සිදු කරනු ලබන ව්‍යාපාර කටයුතු හා ක්‍රියාකාරකම් සඳහා පනවා ඇති තහනම තවත් මාස හයකට දීර්ඝ කරන බව මහ බැංකුව පවසයි.

ඒ අනුව 2023 ජූලි 05 වැනිදා පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස හයක කාලසිමාවක් දක්වා මෙම තහනම බලපැවැත්වෙන බව මහ බැංකුව සඳහන් කරයි.

එම සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකාමහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ කාලසමයේදී තුළ සිදු වුණු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මූලික චෝදනා එල්ල වී ඇත්තේ පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගමටයි.

ඒ අනුව ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්බත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව එම සමාගම පිළිබඳ විමර්ශන කටයුතු සිදු කෙරේ.

Views: 60