DIMO සමාගම රුපියල් මිලියන 225කට ඖෂධ ආනයන සමාගම් දෙකක් මිලදී ගනී

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම (DIMO) මෙරට වෙත ඖෂධ නිෂ්පාදන ආයනය, අලෙවිය සහ බෙදාහැරීම සිදු කරන සමාගම් දෙකක බහුතර කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමට පියවර ගෙන ඇතැයි පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මෙම මිලදී ගැනීම් ආනරවණය කර තිබේ.

ඒ අනුව Mansel(Ceylon) පෞද්ගලික සමාගම සහ Associated Laboratories (පෞද්) සමාගම යන සමාගම් දෙක මෙහිදී DIMO සමාගම මගින් මිලදී ගෙන ඇත.

මෙහිදී Mansel(Ceylon) පෞද්ගලික සමාගමේ කොටස් 2,380,848ක් මිලදී ගෙන ඇති අතර එය එම සමාගමේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 75%ක ප්‍රතිශතයකි. එසේම Associated Laboratories (පෞද්) සමාගමේ කොටස් 2,075,145ක් මිලදී ගෙන ඇති අතර, එයත් සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 75%ක ප්‍රතිශතයකි.

මෙම සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් 225,002,003.85ක් වන බවත් DIMO සමාගම වැඩිදුරටත් පවසයි.

1964 වසරේදී පිහිටවුණු මෙම Mansel(Ceylon) පෞද් සමාගම සිරිල් ජේ. ගුණතිලක, ආතර් ජේ එඩ්වර්ඩ්ස් සහ චක් විජේනාතන් යන  මිතුරන් තිදෙනා එක්ව පිහිටුවූ සමාගමකි. එහි වර්තමාන සභාපතිනිය වන්නේ බාර්නාඩිනේ ඩි සිල්වා මහත්මියයි.

Visits: 229