කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ බේකරි නිෂ්පාදිත ආශ්‍රිත එක්දින වැඩමුළුව සාර්ථකව

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරන බේකරි නිෂ්පාදන ආශ්‍රිත එක්දින වැඩමුළු මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගිය නොවැම්බර් 17 වැනිදා සාර්ථකව පැවැත්වූ බව එම මණ්ඩලය පවසයි.

මෙහිදී පීසා, පේස්ට්‍රි සහ මාළු පාන් නිෂ්පාදනය පිළිබඳව දැනුම ලබා දීම සිදු කර ඇති අතර, 615, ගාලු පාර, කටුබැද්ද මොරටුව යන ලිපිනයේ පිහිටි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය තුළදී පැවැත්වී තිබේ.

මෙම එක්දින බේකරි ආශ්‍රිත එක්දින වැඩමුළුව සඳහා අය කිරීම රුපියල් 3,500 ක් බවත් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පවසයි. පුහුණුව සහ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙන් මෙම අය කිරීම සිදු කරයි.

ඉදිරියේදී පැවැත්වෙන මෙවැනි වැඩමුළු පිළිබඳව දැන ගැනීම සඳහා https://www.facebook.com/idbgovlk යන ෆේස්බුක් පිටුවට සම්බන්ධව සිටින ලෙසත් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ආරාධනා කර සිටියි.

Views: 79