BPPL හෝල්ඩිංග්ස් ශත 18 බැගින් ලාභාංශ ගෙවීම අගෝස්තු 19 වැනිදා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (BPPL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි අද දිනයේදී පවසා තිබේ. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර පැවැති හමුවකදී මේ පිළිබඳ තීරණය ගෙන ඇත.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 18 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද එම සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අගෝස්තු 19 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 10 වැනිදා නම් කර තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් ලබා ගැනීම අවශ්‍ය නොමැති බවත BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

අද දිනයට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමා වනවිට BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 19.70ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ කොටසක අගය වූ රුපියල් 20.20ට සාපේක්ෂව ශත 50ක එනම් 2.48%ක පහත වැටීමකි.

BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරිත්වය අනුව 2020 මාර්තු 31 වැනිදා අවසන් වනවිට එහි ප්‍රධාන කොටස් හිමිකරුවා වන්නේ කොටස් 154,382,777ක් එනම් 50.31%ක ප්‍රතිශතයක් හිමිකමක් ඉන්ෆිනිටි කැපිටල් පෞද්ගලික සමාගමයි. එසේම කොටස් 26.25%ක ප්‍රතිශතයක් හිමි කරගනිමින් එල්ඕඑල්සී ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් සමාගම සහ කොටස් 13.44%ක ප්‍රතිශතයක් හිමි කරගනිමින් හයිද්‍රාමනී ඉන්වෙස්ට්මන්ට්ස් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම එහි තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වෙයි.

Visits: 124