ඩයලොග් හා මොබිටෙල් 5G ready ‘Huawei Nova 7 SE’ ඉදිරිපත් කරයි

මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම් සමාගම් දෙකක් වන ඩයලොග් ආසිආටා සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් යන සමාගම් 5G තාක්ෂණය සහිත Huawei Nova 7 SE ස්මාට් දුරකතනය මිලදී ගැනීම සඳහා මෙරට පාරිභෝගිකයන් වෙත අවස්ථාව ලබා දී ඇතැයි පවසයි. මෙහිදී අදාළ දුරකතන ‘5G ready’ තත්ත්වයේ පවතී.

ඩයලොග් සමාගම සඳහන් කරන ආකාරයට පාරිභෝගිකයන්  වෙත පෙර සිදු කරන ලද ඇනවුම් කිරීම්  හරහා මෙම 5G තාක්ෂණය සහිත Huawei Nova 7 SE ස්මාට් දුරකතනය ලබන ඔක්තෝබර් 10 වැනිදා සිට මිලදී ගැනීමේ අවස්ථාව පවතී. එසේම මොබිටෙල් සමාගමේ www.mobitel.lk/nova7se වෙත පිවිසීමෙන් මේ වනවිටත් එම ස්මාට් දුරකතනය පෙර ඇනවුම් කිරීමේ අවස්ථාව මොබිටෙල් පාරිභෝගිකයන්ට උදා කර දී ඇත.

එහිදී පෙර ඇනවුම් සඳහා මාසයක කාලයක් වලංගු වන ලෙස නොමිලේ 100GB දත්ත ප්‍රමාණයක් නොමිලේ ලබා දෙන බවද මොබිටෙල් සමගම සඳහන් කරයි. එසේම මෙම දුරකතනය සමගින් Huawei Band 4 Fitness Tracker උපාංගයක්ද නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇත. ඩයලොග් සමාගම හරහාද පාරිභෝගිකයන් වෙත මෙම නොමිලේ ලබා දෙන පහසුකම් එලෙසින්ම වෙයි. එහෙත් පෙර ඇනවුම් කරන්නන් හට කිසිදු පෙර ගෙවීමක් සිදු කළ යුතුව නැතැයි ඩයලොග් පවසයි.

අගල් 6.5ක LTPS සම්පූර්ණ HD තිරයක් සහිත Huawei Nova 7 SE ස්මාට් දුරකතනය මගින් වඩාත් හොඳ දර්ශන අත්දැකීමක් ලබා දෙන බව කියයි. ඒ අනුව මෙම දුරකතන ජංගම දුරකතන ක්‍රීඩා සඳහා මෙන්ම චිත්‍රපට නැරඹීම සඳහාද වඩාත් සුදුසු බව අදහස වී තිබේ. එසේම එහි ඇති 64MP AI Quad කැමරාව නිසා වඩාත් ඉහළ ගුණාත්මකභාවයක් සහිත ඡායාරූප ලබා ගැනීමේ අවස්ථාවද පවතී.

මේ අතර උපාංගය සතුව 8GB රැම් මතකයක් සහිත අතර 128GB ඉඩ පහසුකමක්ද සහිතය. එහිදී දුරකතනය සතු Kirin 820 7nm 5G Chipset මගින් වේගවත් ප්‍රොසෙසර ක්‍රියාකාරීත්වයකට සහාය දක්වයි. මෙම Huawei Nova 7 SE ස්මාට් දුරකතනයේ බැටරි ආයු කාලය පැය 24 කි. ඒ අනුව වර්තමාන දුරකතන පාරිභෝගිකයන්ගේ කාර්යබහුලතාව අනුව යමින් මෙම දුරකතනය සකසා ඇතැයි සමාගම් දෙකම පවසා සිටියි.

මොබිටෙල් සහ ඩයලොග් සමාගම් දෙකටම අනුව මෙම Huawei Nova 7 SE ස්මාට් දුරකතනය Space Silver, Crush Green (විශාල වූ Nova සන්නාමය සහිතව) සහ Midsummer Purple යන වර්ණයන්ගෙන් යුක්ත වෙයි.

මෙහිදී දුරකතනය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 64,999 කට මිල කෙරී ඇත. එහිදී ඩයලොග් සමාගම මගින් මෙරට මුල් පෙළේ ක්‍රෙඩිට් කාඩ් හරහා පහසු ගෙවීමේ සැලසුම් සකස් කර දෙන බව පවසයි. එසේම Dialog Club Vision සාමාජිකයන් වෙත වට්ටම් මුදලකට මෙම දුරකතනය ලබා ගත හැකි බවත් පවසයි.

Views: 171