ඉ-ස්වාභිමානී 2020 සඳහා නාමයෝජනා කැඳවෙයි

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) මගින් සංවිධානය කරනු ලබන ‘ඉ-ස්වාභිමානී 2020’ සම්මාන ප්‍රදානය සඳහා නාමයෝජනා කැඳවීම ආරම්භ කර ඇතැයි පවසයි. නාම යෝජනා ඉදිරිපත් කළ හැකි අවසන් දිනය ජූලි 31 ලෙස ප්‍රකාශයට පත් කෙරී ඇත.

සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම්  ජාතික ඇගැයීමට ලක් කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන ඉ-ස්වාභිමානී සම්මාන උළෙල මෙවර 10 වැනි වරට සංවිධානය වෙයි.

මෙහිදී රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය, සෞඛ්‍ය හා සුභසාධනය, ව්‍යාපාර හා වානිජ්‍ය, අන්තර්ග්‍රහනය හා බලගැන්වීම, සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ඉගෙනුම හා අධ්‍යාපනය, සංස්කෘතිය සංචාරක ව්‍යාපාරය, පරිසරය හා හරිත බලශක්තිය, ඩිජිටල් විනෝදාස්වාදය සහ තරුණ්‍යයේ සම්මානය යන අංශ යටතේ නාම යෝජනා බාර ගන්නා බව  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.eswabhimani.lk යන වෙබ් අඩවියෙන් සහ දුරකතන අංක 0112369099 යන දුරකතන අංකයෙන් ලබා ගත හැකිය.

මෙහිදී ඉදිරිපත් වන හොඳම නාමයෝජනා 2020 වසරේ පැවැත්වෙන World Summit Awards 2020 සඳහා නිර්දේශ කරන බවද ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

Views: 24