කාර්යාල විෂබීජහරණයට නැනෝතාක්ෂණ ආයතනයෙන් එන NanoSterile ආලේපනය

කාර්යාල විෂබීජහරණයට නැනෝතාක්ෂණ ආයතනයෙන් එන NanoSterile ආලේපනය

කාර්යාල, ව්‍යාපාර, හෝටල්, බැංකු සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල නිරන්තර ස්පර්ශයට ලක්වන ස්ථාන වෙත යෙදිය හැකි විෂබීජ නොරැදෙන නව ආලේපයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හෙවත් SLINTEC (Sri Lanka Institute of Nanotechnology) ආයතනය සමත්ව ඇතැයි පවසයි.

රට තුළ දැනට පනවා ඇති ඇඳිරි නීතිය ඇතුළු සීමා ඉදිරියේදී ඉවත් කිරීමෙන් අනතුරුව යළිත් රට සුපුරුදු ලෙස එදිනෙදා සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කිරීමේදී මෙම ස්ථාන හරහා යළිත් කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමේ අවදානම අවම කිරීම මෙම ආලේපනයේ අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මෙම නව විෂබීජහරණ ආලේපනය NanoSterile ලෙස නම් කර ඇත. දැනටමත් මෙම නව නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රය සඳහාද ඔවුන් ඉල්ලීම් කර තිබේ.

ආයතනය පවසන ආකාරයට නැනෝ තාක්ෂණය පාදක කරගනිමින් නිර්මාණය කරන ලද මෙම නවීනතම විෂබීජහරණ ආලේපය විනිවිද පෙනෙන, ක්ෂුද්‍රජීවීන් නොරැදෙන ලෙස නිමවූවකි. මෙම ආලේපය හරහා 99.99%කින්ම විෂබීජ ඉවත් කරවන බවද එම ආයතනය පවසයි. එසේම මෙම ආලේපනය මගින් එය යෙදවෙන පෘෂ්ඨය මතුපිට මෙන්ම ඒ වටා ඇති වාතයත් විෂබීජහරණයට ලක් කරන බවත් ඔවුන් සඳහන් කරයි.

ලී, මළනොබැදෙන වානේ මහ ප්ලාස්ටික් ඇතුළු පෘෂ්ඨ මතුපිට මෙම ආලේපනය යෙදවිය හැකිය. මෙහිදී ආලේපනය යෙදවීම ඉහළ පුහුණුවක් සහිත විශේෂඥයන් විසින් ලබා දෙන බවත් නැනෝ තාක්ෂණ ආයතනය පවසා සිටියි. ඒ අනුව පසුගියදා කොළඹ Trace City හි CodeGen International ආයතනයේ අභ්‍යන්තර පෘෂ්ඨ වෙත මෙම NanoSterile ආලේපනය යෙදවීම සිදු කර තිබේ.

Views: 68