Signature සිය නවතම ප්‍රදර්ශනාගාරය හැව්ලොක් සිටි වෙළඳ සංකීර්ණයේ විවෘත කරයි

පුරෝගාමී පිරිමි ඇඟලුම් සන්නාමයක් වන Signature, සිය ගමන් මඟෙහි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් 10 වැනි ප්‍රදර්ශනාගාරය හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී පසුගියදා විවෘත කරන ලදී.

නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවයට විශේෂ ආරාධිත අමුත්තන් ලෙසින් ජනප්‍රිය සංගීතවේදී සංඛ දිනෙත්, සූපවේදී චරිත් එන් සිල්වා (Wild Cookbook) සහ රංගන ශිල්පී මාධව විජේසිංහ ඇතුළු Signature කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි විය. නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම සනිටුහන් කරමින් Signature විසින් ආරම්භක දිනයේ සෑම මිලදී ගැනීමක් සඳහාම 20%ක සුවිශේෂී වට්ටමක් පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන ලදී.

හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ, 02 මහලේ, අංක 4 හි පිහිටා ඇති මෙම ප්‍රදර්ශනාගාරය වඩාත් ඉඩකඩ සහිතව සකස් කර ඇති අතර පුළුල් නිෂ්පාදන සහ සේවා රැසක් පිරිනමයි. රාජකාරි, මංගල, සාමාන්‍ය, උත්සව අවස්ථා සඳහා ඇඟලුම්, ලිනන්, කමිස, ජැකට් සහ කලිසම් ආදීයේ විශාල පරාසයක පිරිමි ඇඟලුම් වර්ග රැසක් තෝරා ගැනීමේ අවස්ථාව මෙහිදී පාරිභෝගිකයන්ට හිමිවේ. එසේම මෙම ප්‍රදර්ශනාගාරය තුළ තමන් අපේක්ෂා කරන විලාසිතාවන්ට වඩාත් ගැළපෙන පුළුල් පරාසයක පිරිමි පැළඳුම් වර්ගත් එකම වහලක් යටින් තෝරා ගැනීමේ අවස්ථාව ලැබී ඇත.

මේ පිළිබඳ සිය අදහස් දැක්වමින් Signature ආයතනයේ අධ්‍යක්ෂ, අම්ජාඩ් හමීඩ් මහතා ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ වැඩිම විශ්වාසයක් හිමි තරුණ පිරිමි ඇඟලුම් සන්නාමය ලෙස මෙම නව හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ අපගේ 10 වන Signature ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට ලැබීම අපට ඉමහත් ආඩම්බරයක්. හැමදාමත් අපේ මූලික අරමුණ වූයේ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සේවාවක් ලබාදීම, නව විලාසිතාවන් හඳුන්වාදීම සහ අපේ පාරිභෝගිකයන්ට ඉතා උසස් ඇඟලුම් අත්දැකීමක් ලබාදීමයි. දැන් ඔවුන්ට සුහදශීලී සේවාවක් සමඟ විශාල පරාසයක පැතිරුණ Signature ඇඟලුම් නිෂ්පාදන හිතේ හැටියට නරඹන්න, ඒවායේ සුවපහසුව අත්විඳින්න සහ මිලදී ගැනීමේ අවස්ථාව තිබෙනවා. මෙම නව ප්‍රදර්ශනාගාරයෙන් Signatureසන්නාමය යටතේ පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලැබෙනු ඇතැයි සහ තමන්ගේ ඇඳුම් පැළඳුම් අවශ්‍යතා නිවැරදිව සපිරෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

1989 වසරේ දී ස්ථාපිත කළ Signature සන්නාමය,  formal සහ casual ඇඟලුම් කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාව තුළ වඩාත් විශ්වාසය දිනූ පිරිමි ඇඟලුම් සන්නාමය ලෙසට පත්ව තිබේ. ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන සුවිශේෂී ඇඟලුම් නිර්මාණ රැසක් Signature සන්නාමය විසින් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට හඳුන්වා දී තිබේ.

දිවයින පුරා පිහිටා ඇති  Exclusive Signature ශාඛාවන් මඟින් පාරිභෝගිකයින්ට එහි සියලුම සන්නාමයන් එකම වහලක් යටින් ලබා ගැනීමේ හැකියාව පවතී. ඔන්ලයින් පාරිභෝගිකයින්ට https://signature.lk/ වෙබ් අඩවිය වෙත පිවිස දිවයින පුරා බෙදා හැරීම සමඟින් සියලුම ඇඟලුම් සන්නාම වෙත ප්‍රවේශ විය හැක. දිවයින පුරා ඇති ප්‍රමුඛ පෙළේ විලාසිතා වෙළෙඳසල්වලින්ද Signature සන්නාමයේ ඇඟලුම් ලබා ගත හැකිය.

Visits: 30