කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී වෙතින් රුපියල් 4.50 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම (CARG.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති 257,677,731ක් වන සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4.50ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක් ලෙස මෙය සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස නොවැම්බර් 27 වැනිදා නම් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 07 වැනිදා ප්‍රකාශ කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම සඳහන් කරයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 390.00ක් ලෙස සටහන්විය.

Visits: 48