Emerald හි නවතම විලාසිතා එළිදක්වමින් ‘EVOLUXE’ විලාසිතා දැක්ම සාර්ථකව පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය නවතම විලාසිතා දැක්ම “EVOLUXE” නමින් පසුගියදා එළිදක්වන ලදී.

වෝටර්ස් එජ්, ග්‍රෑන්ඩ් බෝල්රූම් හි පැවති මෙම විලාසිතා දැක්ම Emerald හි විලාසිතා නවෝත්පාදනයන්, සිය පාරිභෝගිකයින් වෙත ගෙනයාමේ ගමන්මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. ‘EVOLUXE,’ යන තේමාව තුළින් කාලයත් සමඟ සුඛෝපභෝගීත්වයේ සිදුවී ඇති සිත්ගන්නාසුළු පරිණාමය, සිය නවෝත්පාදනයන් තුළින් නිරුපණය කිරීම Emerald මෙහිදී සිදුකරන ලදී. මෙම අවස්ථාවට විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රධාන සහ ප්‍රසිද්ධ සුවිශේෂී පිරිසක් සහභාගී විය.

Emerald හි ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී අහමඩ් ඉක්‍රම් මහතා විලාසිතා දැක්ම පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “සුඛෝපභෝගීත්වයට අලුත් නිර්වචනයක් ලබාදෙමින් ‘EVOLUXE’ විලාසිතා දැක්ම සාර්ථකව පැවැත්වීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ නිර්මාණ කණ්ඩායම සතු නිර්මාණශීලි හැකියාවන් ඉතා ප්‍රශංසනීයයි. තිරසාරත්වය උදෙසා විලාසිතාවන් හරහා නව ප්‍රමිතීන් ඇති කිරීමෙහිලා අපගේ නොසැලෙන කැපවීම මෙම විලාසිතා දැක්මෙන් පෙනී යනවා. ‘EVOLUXE’ අතිවිශිෂ්ට ලෙස සාර්ථක කර ගැනීම සඳහා සිය දායකත්වය සැපයූ අපගේ ගෞරවනීය අමුත්තන්, හවුල්කරුවන්, පාර්ශ්වකරුවන් සහ අපගේ කණ්ඩායමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා.”

මෙම විලාසිතා දැක්ම සිත් ඇදගන්නාසුළු එකතූන් දහයකින් සමන්විත වූ අතර, ඒ සියල්ලක්ම Emerald සිය පාරිභෝගිකයන්ගේ විවිධ රුචි අරුචිකම් සපුරාලීමේ අරමුණින් නිර්මාණය කර තිබුණි. තරුණ පිරිමි ළමයින් වෙනුවෙන් නිර්මාණය කර තිබුණු “Fun in the Sun” එකතුවට 100% ක් කපු වලින් සාදන ලද T- shirts සහ Polo T- shirts අන්තර්ගත විය. “Tee-Style Sensation” එකතුව සුවපහසුව සහ නවීනත්වයේ පරිපූර්ණ සංකලනයක් අපේක්ෂා කරන්නන් සඳහා ඉදිරිපත් කර තිබුණි. Classic Polos සහ “The Everday Tee” මේ යටතේ හඳුන්වා දී තිබුණි. ජපන් ඩෙනිම් රෙදි සමඟ ඩෙනිම් අත්දැකීම නැවත නිර්වචනය කරමින් හඳුන්වා දී තිබුණු “Authentic Denim” එකතුවට විලාසිතා දැක්ම තුළ සුවිශේෂී අවධානයක් යොමු විය.

“Timeless Fil-a-Fils” එකතුව තුළින් වර්ණ 40 ක ආකර්ෂණීය පරාසයකින් යුත් කාර්යාල කමිස එකතුවක් හඳුන්වා දෙනු ලැබීය. සුවපහසු විලාසිතාවන් අගය කරන තරුණ මහත්වරුන් සඳහා ‘Emerald Junior – Shirts’ එකතුව යටතේ “Dapper Dudes” හඳුන්වා දෙනු ලැබීය. ක්‍රියාශීලී පුද්ගලයන් සඳහාම හඳුන්වා දුන් “Utilitech – Functional Fashion” එකතුව යටතේ ‘Tech-chinos’, ‘Active Jeans’ සහ ‘Wind Walker’ යන කාණ්ඩයන් වලින් විලාසිතාවන් හඳුන්වා දෙන ලදී.

මීට අමතරව, පරිසර හිතකාමී බව සහ සුවිශේෂී මෘදු බව සඳහා ප්‍රසිද්ධ “Stylized Bamboo” එකතුවද මෙහිදී නිරුපණය කෙරුණු අතර, උත්සව අවස්ථා සහ කාර්යාල කටයුතු සඳහා සුදුසු මෝස්‌තර එම එකතුවට අන්තර්ගත විය. ‘Emerald Active’ යටතේ “Casual Communique” එකතුව මඟින් Chinos සහ Denim සමඟ ඇඳිය හැකි විලාසිතාවන් හඳුන්වා දෙන ලදී. “Work-Pop” එකතුව සමඟින්, මුද්‍රණ සහිත කාර්යාල කමිස හඳුන්වා දෙන ප්‍රථමයා බවට Emerald පත්වන අතර අවසාන වශයෙන්, “Morphing Forms” එකතුව තුළින්, කලාත්මක අනන්‍ය මුද්‍රණ රටාවන්ගෙන් යුත් විලාසිතාවන් නිරුපණය කරන ලදී.

Visits: 44