මහ බැංකුවෙහි මීළග මුදල් ප්‍රතිපත්ති විවරණය අගෝස්තු 24දා

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඉදිරිපත් කරන මීළග මුදල් ප්‍රතිපත්ති විවරණය ලබන අගෝස්තු 24 වැනිදා ප්‍රකාශයට පත් කරන බව පවසයි.

මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය රැස්වී ගනු ලබන ප්‍රතිපත්ති පොළීඅනුපාතික පිළිබඳ තීරණය මෙහිදී දැනුම්දීමට නියමිතව තිබේ.

මෙය 2023 වසර සඳහා සිදු කරන 06 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණයයි.

පසුගිය ජුලි මාසයේදී අවසන්වරට සිදු කෙරුණු 05 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණයේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 11%ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 12%ක් දක්වා පදනම් අංක 200 කින් එනම් 2%කින් පහත හෙළීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළේය.

එසේම පසුගිය ජූනි 01 වැනිදා සිදුකළ 04වැනි මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව මෙම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14%ක අගයක් ගෙන තිබුණි. එය ඊට පෙර පැවැති අගය හා සාපේක්ෂව පදනම් අංක 250ක අඩුවීමක් විය.

Views: 68