කංසා වගාව වෙනුවෙන් ව්‍යාපෘති යෝජනා 150ක්

මේ වන විට කංසා වගාව සඳහා ව්‍යාපෘති යෝජනා 150ක් පමණ ලැබී තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

“ස්ථාවර රටකට සැවොම එක මගකට” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.  

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘති යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීමට නම්, තිබෙන නීති සංශෝධනය කර අලුත් නීති හඳුන්වා දිය යුතුව ඇතැයි අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඒ අනුව එම කාර්යය ඉටු කිරීම දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙමින් පවතින බවත්, මෙම නීති සම්මත කර ගැනීමෙන් පසුව රක්ෂිත කලාපවල නියමු ව්‍යාපෘති ආරම්භ කිරීම රජයේ අරමුණ වී ඇතැයිද අමාත්‍යවරයා පවසා ඇත.

එසේම ආයෝජන මණ්ඩලය ආයෝජකයන් සඳහා වන පහසුකම් සළසා දීමටත් ඒ සඳහා වන අනුමැතිය ලබා දීම දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවට පැවරෙන බවත අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත කංසා වගාව ආරම්භ කිරීම සඳහා පසුගිය මැයි මාසයේදී අනුමැතිය හිමිවිය.

Views: 134