දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ව්‍යවසායකත්වය නැංවීමට Hatch සහ HDFC බැංකුව එක් වෙයි

මෙරට ආරම්භක ව්‍යවසායකත්වය (Startup) වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා නිල බැංකු කරු ලෙස HDFC බැංකුව, Hatch සමඟ සහයෝගීතාවක් ගොඩනඟා ගැනීම පසුගිය දා සිදු විය. ශ්‍රී ලංකාව තුළ පවතින අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හමුවේ ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා යොමු වන ව්‍යවසායකයින්ට ණය මුදල් ලබා දීමට මෙමගින් අරමුණු කරයි.

මෙරට සමස්ත ව්‍යාපාරවලින් 90%ක්, රැකියාවලින් 45%ක් සහ  දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%ක් ආවරණය කරන  ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) ශ්‍රී ලාංකේය ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස හඳුන්වා දිය හැකි ය.

එමෙන් ම මෙමක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන රැකියා සහ ආදායම් උත්පාදන මූලාශ්‍රයක් ලෙස දේශීය ජනගහනයෙන්  බහුතරයක් සමඟසම්බන්ධ වන අතර,එය ග්‍රාමීය දරිද්‍රතාව පිටුදැකීම සඳහා ඉතා වැදගත් වේ.

දේශීය ආර්ථිකහාසාමාජීය වර්ධනය සහ සංවර්ධනය සහතික කිරීම සඳහා වන ප්‍රතිසාධන සැලසුම්වල දී  ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි පැවැත්මට සහ වර්ධනයට සහාය වීමට ප්‍රමුඛතාව ලබා දියයුතු ය.

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව හෙවත් HDFC බැංකුව යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි විශේෂිත බැංකුවක් වන අතර එම ආයතනයකොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ලැයිස්තු ගත කර ඇති අර්ධ රාජ්‍ය ආයතනයක් මෙන් ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහාමහා භාණ්ඩාගාරය 51%ක කොටස් හිමිකාරීත්වය දරන ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකි ය.

 දිවයින පුරා පිහිටා ඇති ශාඛා 39 කින් සමන්විත HDFC බැංකුව තිරසාර නිවාස සහ ජීවන තත්ත්වයන් සහතික කිරීම සඳහා අඩු හා මධ්‍ය ආදායම්ලාභීන් සඳහාසේවා සළසනප්‍රමුඛතම මූල්‍ය හවුල්කරු වේ.  නිවාස අවශ්‍යතා සඳහා මූල්‍ය සහයෝගය ලබා දීම HDFC බැංකුවේප්‍රධානතමඅරමුණ වන අතර, එමබැංකුව වර්තමානය වන විට සිය මූලික අරමුණුවලින්  ඔබ්බට ගොස්ගෘහ අවශ්‍යතා, අධ්‍යාපන හා සංවර්ධන මූල්‍යපහසුකම්, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සඳහා මූල්‍යපහසුකම්, ලීසිං සහ රන් ණය ආදී මූල්‍ය පහසුකම් රැසක් ලබා දෙයි.

ආරම්භක ව්‍යාපාර 28 කට සහයෝගය ලබා දෙමින් ඇරඹුණු Hatch ආරම්භවී වසර 4ක් තුළ ආරම්භක ව්‍යාපාර 500 කට අධික සංඛ්‍යාවකට සහාය ලබාදීමට කටයුතු කර ඇත. මේ අතරින් 37% ක පුර්ව ලියාපදිංචිය තක්සේරුකර ආරම්භක වැඩපිළිවෙළ වේගවත් කර ඇති අතර, එම ව්‍යාපාර අතරින්  33%ක් කාන්තාවන් විසින් මෙහෙයවන හෝ කාන්තාවන් ඉලක්කකර ගත් ව්‍යාපාර වීම විශේෂිත ය.

Visits: 67