Samsung Sri Lanka eStore වෙතින් පාරිභෝගික ඔබ වෙතට සුවිශේෂී දීමනා

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන්, Samsung Sri Lanka eStore (www.samsungsrilanka.lk) හරහා පාරිභෝගික ඔබ වෙළෙඳ භාණ්ඩ ඇණවුම් කරන විට සුවිශේෂී දීමනා කිහිපයක් මෑතකදී හඳුන්වා දී තිබේ.

දැනටමත් ක‍්‍රියාත්මක වෙමින් පවතින Mobitel Data Bundle Offer සහ Avurudu Offer යන සුවිශේෂී දීමනා ලබා ගත හැකි වීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය. ඔබ Samsung eStore හරහා මෙම දීමනා ඇණවුම් කරන විට මෙම භාණ්ඩ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ඇත.

මෙම උත්සව සමයේදී තෝරාගත් විවිධ සැම්සුන් නිෂ්පාදන පෙළකින් ඔබ නිෂ්පාදන මිලදී ගන්නා විට සැම්සුන් හි Avurudu Offer වෙතින් සැම්සුන් වෙළෙඳ භාණ්ඩ කිහිපයක් ඔබට නොමිලේ ලබා දෙයි. මෙයට සැම්සුන් Galaxy A03 LTE 3+32GB මිලදී ගන්නා විට නොමිලේ මග් එකක් ද, සැම්සුන් Galaxy F42 5G 8+128GB මිලදී ගන්නා විට කුඩයක් සහ Tab A8 2022 LTE 3+32GB හා Tab A8 2022 LTE 4+64GB යන Galaxy Tabs මිලදී ගන්නා විට බෑගයක් යනාදිය ඇතුලත් වේ. මෙම දීමනාව තොග පවතින තුරු පමණක් වලංගු වන අතර එය Samsung eStore වෙතින්ම පමණක් ලබා ගත සුවිශේෂී දීමනාවකි.

Samsung eStore යනු විශේෂයෙන්ම වසංගත කාලයේදී ඔබ ඔබගේ නිවසේ සුව පහසුවෙන් සිටිමින් යමක් මිලදී ගැනීම සඳහා සම්පූර්ණ සැම්සුන් නිෂ්පාදන පරාසය පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා පාරිභෝගිකයාට කදිම ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයකි (one-stop shop).

සැම්සුන් සෑම විටම තම සියලූම පාරිභෝගිකයින්ට හැකි උපරිම ප‍්‍රතිලාභ ලබා දීම සහතික කිරීම සඳහා කටයුතු කරන ප‍්‍රමුඛ පෙලේ සමාගමකි. ඔවුන් ඔවුන්ගේ තාක්ෂණික ක‍්‍රියාවලීන්හි බොහෝ ඉදිරියෙන් සිටින අතර  Samsung eStore එයට කදිම සාක්ෂියකි. සැම්සුන් මේ වන විට ඔවුන්ගේ home delivery විකල්පය සමඟින් සියලූම බලයලත් නිෂ්පාදන online හරහා පාරිභෝගිකයින්ට කිසිඳු කරදරයකින් තොරව ලබා ගැනීමට ප‍්‍රවේශය ලබා දී තිබේ.

Smartphones, Tablets, Hearables, Wearables සහ අනෙකුත් උපාංග ඇතුළු නවතම නිෂ්පාදන පරාසයක් Samsung eStore ඔබ වෙත රැගෙන එන අතර පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සියලූ අවශ්‍යතා එකවර මිලදී ගැනීමට ඉඩ සලසයි. Samsung eStore පාරිභෝගිකයින්ට සියලූ ප‍්‍රධාන ක්‍රෙඩිට් කාඞ්පත්වලට පහසු මාසික වාරික ගෙවීමේ සැලසුම් සඳහා පහසු ප‍්‍රවේශයක් ද සපයයි. එමෙන්ම එය Visa, AMEX සහ bank transfers වැනි විවිධ ගෙවීම් විකල්ප ද ලබා දෙන අතර මෙය ක්‍රෙඩිට් කාඞ්පත් භාවිත නොකරන සුවිශේෂී ක‍්‍රමයකි.

Samsung eStore මගින් බලයලත් වගකීමේ සහතිකයක් සමඟින් බලයලත් සැම්සුන් නිෂ්පාදන බෙදා හැරීම සහතික කරන නිසා එය 100%ක විශ්වාසයක් ලබා දෙයි. eStore විසින් පාරිභෝගික තෘප්තිය සහතික කිරීම උදෙසා smartphones සහ tablets සඳහා කොළඹ නගරය තුළ එදිනම බෙදාහැරීමේ සේවා සපයයි. ඔබට මෙම සුවිශේෂී දීමනා සහ නිෂ්පාදන පිළිබඳව වැඩි විස්තර www.samsungsrilanka.lk වෙත පිවිසීමෙන් දැන ගත හැකිය.

Views: 66