ජනපති GR ගැන නිමල් පෙරේරාගේ සහ දිලිත් ජයවීරගේ තක්සේරුව

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ ඊට වත්මන් ජනාධිපතිවරයාගේ දායකත්වය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ අදහස් දැක්වීමට මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා ඊයේ කටයුතු යොදා තිබුණි.

ඒ මහතා සඳහන් කරන ආකාරයට ජනපතිවරයා සිය ධුරයට පත්වූ අවස්ථාවේ සිටම ආර්ථිකය වැරදි මාවතේ ගමන් ගත් බවත්, එහිදී ජනපතිවරයා තුළ පැවැති දුරනොදැකීම, මුරණ්ඩු බව සහ ඔහු වටා සිටි කයිවාරුකාරයන් හේතුවූ බවත් ඔහු පවසා සිටියි.

“GR ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන්නේ මේ රටෙහි ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිමට සමතලා කළ ජනාධිපතිවරයා වශයෙනුයි. ඔහු බලයට පත් වන අවස්ථාවේදීත් ආර්ථිකය වැරදි මාවතේ ගමන් කරමින් තිබුණේ. ඒත් ඔහුගේ දුර නොදක්නා බව, මුරණ්ඩුකම සහ ඔහු වටා සිටි කයිවාරුකාරයන් නොහිටින්නට මේ දේවල් වෙනස් වෙන්න තිබුණා.” නිමල් පෙරේරා මහතා එහි සඳහන් කර තිබේ.

මේ අතර එම සටහන වෙත අද දිනයේදී‍ පිළිතුරක් ලබා දී ඇති මෙරට මුල් පෙළේ සමාගමක් වන ජෝර්ජ් ස්ටුවර්ඩ් සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා, ජනපතිවරයා සිය ජයග්‍රහණයට පෙර පොරොන්දු වූ ආකාරයට ඔහුගේ පාලනය සඳහා පවුලේ සාමාජිකයන් සම්බන්ධ නොකරගත්තා නම් මෙවැනි තත්ත්වයක් මතු නොවන්නට තිබූ බවත් පවසා ඇත.

“ඔහු ජනාධිපතිවරණ ජයග්‍රහණයට පෙරාතුව පොරොන්දු වූ ආකාරයට තමන්ගේ මේ ‘රෙජීමය‘ සඳහා පවුලේ සාමාජිකයන් සම්බන්ධ කර නොගත්තා නම්, ඒ වගේම ඔහු ‘පවුලේ ඒජන්තයෙකු ‘ වන පී.බී. තමන්ගේ ලේකම්වරයා පත් කර නොගත්තා නම්, ඒ වගේම ඔහු තමන්ගේ මාධ්‍ය උපදේශකවරුන් ලෙස නිශ්ශංක (සේනාධිපති) / සුදේව / කිංස්ලි සම්බන්ධ කර නොගත්තා නම් සහ ඔහු තමන්ගේ පවුලේ අයට ව්‍යාපාර කරන්න ඉඩ නොදුන්නා නම් වගේ කාරණා…. මීට ඇතුළත්” යනුවෙන් එහි සඳහන්ව තිබේ.

කෙසේ වෙතත් නිමල් පෙරේරා සහ දිලිත් ජයවීර යන මහත්වරුන් පැවැති රාජපක්ෂ රජයේදී සහ මෙම රජය යටතේදී සිදු කළ ක්‍රියාකාරකම් පිළිබඳව මෙම ට්විටරය වෙත පිළිතුරු ලෙස සටහන්ව තිබූ ඇතැම් පණිවුඩ තුළ සඳහන්ව තිබේ.

Visits: 618