සතොස ජල බෝතල් ගැන වෙළෙඳ අමාත්‍යාංශයෙන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයට නිවේදනයක්

වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින සතොස ආයතනය මගින් නිෂ්පාදිත පානීය ජල බෝතල් නිෂ්පාදනය සම්බන්ධයෙන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශ වෙත නිවේදනයක් නිකුත් කරන බව එම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය විසින් ප්‍රසිද්ධ දැන්වීමක් මගින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී මෙම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශ වෙත අවශ්‍ය පානීය ජල බෝතල් සම්බන්ධ ඇනවුම් සතොසට ලබාදීමට කාරුණික වන ලෙස අදාළ අංශවල සියලුම ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු කරන ලෙස ලේකම්තුමිය මෙහිදී ඉල්ලා සිටියි.

එම ඇනවුම් සඳහා සුවිශේෂී වරප්‍රසාද රැසක්ම ලබා දෙන බවත් මෙහි සඳහන් වෙයි.

ඒ අනුව සතොස මගින් නිපදවූ රුපියල් 35කට මිල කෙරී ඇති මිලිලිටර්400ක පානීය ජල බෝතලයක් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශය වෙත රුපියල් 29ක මුදලකට (බෝතල් 100කට වැඩියෙන්) ලබාදීමට හැකියාව පවතින බවත් මෙහි වැඩිදුරටත් පැවසෙයි.

එසේම භාවිතයෙන් පසු නැවත සතොස අලෙවි හල් වෙත භාරදෙන හිස් සතොස පිනීය ජල බෝතලයක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 10ක මුදලද අදාළ ආයතන වෙත හිමිවන බවත්, ඒ අනුව සැබැවින්ම ජල බෝතලයක් වෙත වැය වී ඇත්තේ රුපියල් 19ක මුදලක් වන බවත් වෙළෙඳ අමාත්‍යාංශය මෙහිදී සඳහන් කරයි.

Views: 240