Apple Inc. සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 3ක් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ලොව සුප්‍රසිද්ධ තාක්ෂණික සමාගමක් වන ඇපල් ඉන්කෝපරේෂන් (Apple Inc.) සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 3ක් බවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

ඊයේ (03දා) දිනයේදී එම සමාගමේ කොටසක අගය 3% කින් ඉහළ යාමත් සමගින්ම මෙම තත්ත්වය උදා වී ඇත. ඒ අනුව එදින නිමා වන ඇපල් ඉන්කෝපරේෂන් සමාගමේ කොටසක අගය එක්සත් ජනපද ඩොලර් 182.88ක් බවට පත්ව තිබේ.

ඒ අනුව එතෙක් මෙතෙක් ඩොලර් ට්‍රිලියන 3ක වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණ කඩඉම පසුකළ ලොව පළමු සමාගම බවට පත්විමටද ඇපල් සමාගම සමත්ව සිටියි.

ආසන්න කාලසිමාවේදී ඇපල් සමාගමේ කොටස් වටිනාකම් ඉතාමත් කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදු විය. 2018 වසරේ අගෝස්තු මාසයේදී ඇපල් සමාගම ඩොලර් ට්‍රිලියන 1ක වෙළෙඳ පොළ වටිනාකමක් හිමි කර ගත් පළමු එක්සත් ජනපද සමාගම බවට පත්විය.

එසේම 2020 වසරේ අගෝස්තු මාසයේදී එය ඩොලර් ට්‍රිලියන 2ක් දක්වා වර්ධනය කරගැනිමට එම සමාගමට හැකි විය.

එහිදී එම වටිනාකම ඩොලර් ට්‍රිලියන තුනක් දක්වා වර්ධනය කරගැනීමට ඇපල් සමාගමට ගතවී ඇත්තේ වසරක පමණ කාලයකි. පසුගිය වසරේ ලොව පුරා ව්‍යාප්ත වූ වසංගතය හේතුවෙන් තාක්ෂණික සමාගම් වෙත හිමි වූ ඉල්ලුම ඊට හේතුව වී තිබේ.

Views: 113