ගෑස් කාන්දුවක් නිසා තුරග තරග පිටියේ ‘මැක්ඩොනල්ඩ්‘ ආපනශාලාව ගිනිගනී

කොළඹ රීඩ් මාවතේ තුරග තරග පිටියේ පිහිටි අවන්හලක් තුළ අද (20) අලුයම පිපිරීමක් සමඟින් ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

තුරග තරඟ පිටියේ ප්‍රේක්ෂකාගාරයේ  පිහිටි ගොඩනැගිල්ලේ පහත මාලයේ පිහිටි මෙම අවන්හල මැක්ඩොනල්ඩ් ආපනශාලාව ලෙස හඳුනාගෙන තිබේ. ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම සිදු සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කර තිබේ.

පැය කිහිපයක් ඇතුළතදී ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කොළඹ ගිනිනිවන ඒකකය සමත්ව තිබේ. මෙම අනතුරින් කිසිවෙකුටවත් හානි සිදුව නොමැත.

ඡායාරූපය – ලංකාදීප වෙබ් අඩවිය

Views: 163