“කොටස් වෙළඳපොලේ නිවැරදිව ආයෝජනය කරන්නේ කෙසේද?” අද සවස 6.30ට නොමිලේ

Ceylon Entrepreneurs’ Club මගින් සංවිධානය කරනු ලබන අධ්‍යාපනික සංවාදාත්මක වැඩසටහන් මාලාව යටතේ මීළග වැඩසටහන “කොටස් වෙළඳපොලේ නිවැරදිව ආයෝජනය කරන්නේ කෙසේද?” මැයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කරන ආකාරය, ආයෝජනය කල හැකි සුරැකුම්පත්, ලබාගත හැකි ප්‍රතිලාභ, ආයෝජන පිරිවැය හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කොටස් වෙළෙඳපොල තුලින් ලබා ගත හැකි පහසුකම් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරෙන බව සංවිධාකයන් සඳහන් කරයි.

අද (නොවැම්බර් 20) පස්වරු 6.30 සිට ප.ව.8.30 දක්වා Zoom ඔස්සේ පැවැත්වෙන මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගි විය හැකි වැඩසටහනකි.

මෙහිදී වැඩසටහන සඳහා සම්පත් දායකත්වය, කොළඹ කොටස් හුවමාරුවෙහි කුරුණෑගල ශාඛාවේ කළමනාකාර තුසිත මීගහකුඹුර මහතා විසින් සිදු කරනු ලබයි.

මෙම වැඩසටහන සඳහා YouTube Live මගින් සම්බන්ධ වීමට https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg යන ලිපිනය වෙත පිවිසිය යුතුය.

එසේම Zoom මගින් සම්බන්ධ වීමට https://chords-org-lk.zoom.us/j/96267267114… හරහා පිවිස Meeting ID: 962 6726 7114 සහ Passcode: 105087 යෙදිය යුතුය.

ඉදිරියේදී පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා 070 50 222 50 අංකයට ඔබේ නම WhatsApp පණිවිඩයකින් යොමු කරන ලෙසද Ceylon Entrepreneurs’ Club සඳහන් කර සිටියි.

Visits: 549