හේකාර්බ් පීඑල්සී ශත 80ක පළමු අතරමැදි ලාභාංශ ගෙවිමක් නිවේදනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේකාර්බ් පීඑල්සී සමාගම (HAYC.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කිරීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව මෙහිදී හේකාර්බ් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 80ක් බැගින් හිමි වන ලෙස මෙම ලාභාංශ ගෙවීමට නියමිතව ඇතැයි සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 21 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ඔක්තෝබර් 07 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් හේකාර්බ් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු හේකාර්බ් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 82.90ක් ලෙස සටහන්ව තිබුණි.  

හේකාර්බ් පීඑල්සී සමාගම පසුගිය 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් පළමු අතරමැදි, දෙවැනි අතරමැදි, තෙවැනි අතරමැදි, සිව්වැනි අතරමැදි සහ අවසන් ලාභාංශ ලෙස ලාභාංශ ගෙවීම් පහක් සිදු කර තිබේ. එහිදී පිළිවෙලින් රුපියල් 4ක්, රුපියල් 5ක්, රුපියල් 14ක්, රුපියල් 1.40ක් සහ ශත 50ක් ලෙස එම ලාභාංශ ගෙවීමක් සිදුව තිබේ.

හේලීස් සමාගමට අයත් හේකාර්බ් පීඑල්සී සමාගම මේ වසරේ පෙබරවාරි මාසයේදී කොටස් 1 : 10 ක් ලෙස සිදුකළ සිය කොටස් අතුරුබෙදීමෙන් අනතුරුව මෙලෙස ලාභාංශ ගෙවීම ශත අගයක් දක්වා අඩු වී තිබේ. මෙම අතුරු බෙදීමේදී එතෙක් පැවැති 29,712,375 ක් වූ හේකාර්බ් පීඑල්සී කොටස් සංඛ්‍යාව 297,123,750 ක් දක්වා ඉහළ යාම සිදු විය.

Views: 214