NEM Construction ඇණවුම් කළ විශාලම යන්ත්‍රෝපකරණ තොගය භාරදීමට උදේශි සමූහ ව්‍යාපාරය සමත් වෙයි

උදේශි සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ අංශය වන UTRAX® සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම හයිඩ්‍රෝලික් එක්ස්කැවේටර් ඇණවුමට අදාළ යන්ත්‍රෝපකරණ සියල්ල මේ වනවිට අදාළ ගැනුම්කරු වෙත භාරදී තිබේ. මෙය රට තුළ වේගයෙන් සිදුවෙමින් පවතින යටිතල පහසුකම් පුළුල් කිරීමේ ක්‍රියාවලියට දායක වීමක් ලෙසද හැඳින්විය හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ හා කාර්මික යන්ත්‍රෝපකරණ සපයන්නා සහ ශ්‍රී ලංකාව තුළ  Sumitomo එක්ස්කැවේටර්යන්ත්‍ර සඳහා එකම බෙදාහරින්නා වන UTRAX® සමාගම විසින් මෙම උසස්ම තත්ත්වයේ යන්ත්‍රෝපකරණ තොගය NEM Construction (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ අශ්වින් නානායක්කාර මහතා වෙත භාරදෙන ලදි. ඒ අනුව NEM Construction සමාගම දැන් සමස්ත දකුණු ආසියානු කලාපයේ වැඩිම Sumitomo එක්ස්කැවේටර් යන්ත්‍ර (71 ක්) හිමි සමාගම බවට පත්වී තිබේ.

මෙම වාර්තාගත ඇණවුමට SH220LC-6 මාදිලියේ යන්ත්‍ර 30 ක් සහ SH370LHD-6 මාදිලියේ යන්ත්‍ර 5 ක් වශයෙන් එක්ස්කැවේටර් යන්ත්‍ර 35 ක් ඇතුළත් වූ අතර එහි මුළු වටිනාකම රු. මිලියන 780 කි. මෙම ගනුදෙනුව, මීට පෙර 2015 වසරේදී දී NEM Construction සමාගම සමග සිදුකළ රු. මිලියන 500 ක වටිනාකමකින් යුත් යන්ත්‍රෝපකරණ ගනුදෙනුව ඉක්මවා යමින් නව වාර්තාවක් පිහිටුවා ඇත.

“ජපානයේ නිෂ්පාදිත මේ Sumitomo එක්ස්කැවේටර් යන්ත්‍ර වල ප්‍රමිතිය සහ ක්‍රියාකාරීත්ව අති-විශිෂ්ටයි. නවීනතම ජපන් තාක්ෂණය සහිතව නිෂ්පාදනය කර තිබෙන මෙම යන්ත්‍රෝපකරණ සඳහා UTRAX® සමාගම වෙතින් ලැබෙන ඉහළම තත්ත්වයේ අලෙවියෙන් පසු සේවාවට අමතරව, පැය 5,000 ක වගකීමකුත් හිමිවෙනවා. ඒවායෙහි ක්‍රියාකාරීත්ව නිරීක්ෂණය කිරීමටත්, උපදෙස් ලබාදීමටත් SUMITOMO හි ජපන් ජාතික ඉංජිනේරුවන් අපගේ වැඩබිම් වෙතටම පැමිණෙන නිසා UTRAX වෙතින් මේ ආකාරයට තවත් යන්ත්‍රෝපකරණ තොගයක් ඇණවුම් කිරීමට අප තීරණය කළා.” අශ්වින් නානායක්කාර මහතා පැවසී ය.

1980 වසරේදී ආරම්භ වූ NEM Construction සමාගම මේ වනවිට අධිවේගී මාර්ග ඉදිකිරීම, ජල සම්පාදන ව්‍යාපෘති, සහ ඉඩම් ගොඩකිරීම යනාදී අංශ වලට අයත් ව්‍යාපෘති සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වී ඇත. එමෙන්ම නව යන්ත්‍රෝපකරණ එකතුව සමගින් එම සමාගම මෙරට වැඩිම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් හිමි සමාගම ලෙස තමන්ට හිමි ස්ථානය නැවත වරක් තහවුරු කරගෙන තිබේ .

“මේ ආකාරයට නැවතත් NEM Construction සමාගම සමග එක්වෙමින් ඔවුන්ගේ යන්ත්‍රෝපකරණ එකතුව තවත් පුළුල් කිරීම සඳහා දායකවීමට ලැබීම අපට සතුටක්. එමෙන්ම, මෙවැනි ඇණවුම් මගින් පෙනී යන්නේ, COVID-19 රෝග ව්‍යාප්තිය නිසා මුහුණ දීමට සිදුවූ අභියෝග හමුවේ පවා මෙරට ඉදිකිරීම් කර්මාන්තය තවමත් ශක්තිමත්ව ඉදිරියට යමින් පවතින බවයි.” යනුවෙන් UTRAX® සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුපුන් එම්. පෙරේරා මහතා පැවසී ය.

UTRAX® යනු උදේශි සමූහ ව්‍යාපාරයේ පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගමකි. Udeshi Tracks & Equipment (පුද්.) සමාගම, Udeshi Traders (පුද්.) සමාගම, UTRAX Equipment (පුද්.) සමාගම, සහ Udeshi City (පුද්.) සමාගම යන සමාගම් වලින් එම සමූහය සමන්විත වේ. UTRAX® සමාගම මේ වනවිට Sumitomo Construction Machinery Co Ltd (ජපානය), Hyundai Construction Equipment Ltd – (කොරියාව), Case New Holland Construction Equipment Ltd – (ඇමරිකා එක්සත් ජනපදය), Bell Dredging Pumps (නෙදර්ලන්තය) සහ Ultratrex Amphibious Excavators (මැලේසියාව) යන සමාගම් වල නිෂ්පාදන සඳහා මෙරට තුළ එකම බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරයි.

Views: 159