සම්පත් බැංකුව 2023 වසර සඳහා බදු පෙර ලාභයේ 89.9%ක වර්ධනයක් වාර්තා කරයි

ආර්ථිකයේ ඇති වූ අවිනිශ්චිතතාවයන් හා අභියෝගයන් මධ්‍යයේ වුවද 2023 වසර අවසානයේදී සම්පත් බැංකුව මූල්‍ය සේවාවන් මත බදු පෙර ලාභය රුපියල් බිලියන 38.4 ක් වාර්තා කිරීමට සමත් වූ අතර එය පෙර වසරේ වාර්තා කරන ලද රුපියල් බිලියන 20.2 හා සැසඳීමේදී 89.9% ක ඉහළ වර්ධනයකි.

කෙසේ වුවද ඉහළ යන ලද බදු වියදම් හේතුවෙන් බැංකුවේ බදු පසු ලාභය 2023 වසරේ දෙසැම්බර් 31 දිනට රුපියල් බිලියන 17.1 ක් වූ අතර එය පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 13.1 හා සැසඳීමේදී 30.5% ක වර්ධනයකට සීමා විය.

මීට අමතරව සම්පත් සමූහය 2023 වසර අවසානයේදී බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 27.5% ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 17.9 ක් ලෙස වාර්තා කිරීමට සමත් විය.

2023 වර්ෂය සඳහා බැංකුවේ ශුද්ධ පොළ’ ආදායම (NII) රුපියල් බිලියන 72.3 ක් වූ අතර එය පෙර වසර හා සැසඳීමේදී 1.6% ක පහත වැටීමකි. පොළී ආදායමට සාපේක්ෂව 2023 වසර තුළදී පොළී වියදම ඉහළ යාම මීට හේතු විය. 2023 වර්ෂය සඳහා සම්පත් බැංකුවේ මුළු පොළී ආදායම පෙර වසරට සාපේක්ෂව 29.1% ක වර්ධනයක් එනම් රුපියල් බිලියන 45.8 ක ඉහළ යාමක් වාර්තා කරන ලද අතර පොළී වියදමද රුපියල් බිලියන 131.2 ක් දක්වා ඉහළ යන ලදී.

ප්‍රමිතිකරණ උපයා මාර්ග සහ වත්කම් හා වගකීම් නිසි ලෙස කළමනාකරණය ක‘රීම, සාමන්‍යය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) පහත වැටීම තුළ‘න් ශුද්ධ පොළී ආදායමට ස‘දු වූ බලපෑම ස’මා ක‘රීමට හේතු විය. ශුද්ධ පොළී ආන්ත‘කය 5.16% ක් වූ අතර, එය අනුරූප වසර සඳහා 5.66% ක් විය.

ණය සඳහා ඇති ඉල්ලුම අඩු වීමත් කොමිස් අනුපාත පහළ දැමීම හා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුප‘යලේ අගය අත‘ප්‍රමාණය වීම හේතු කොට ගෙන වෙළෙඳාම් ආශ්‍රිත ආදායම පහළ යාමත් හේතුවෙන් බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම පෙර වසරට සාපේක්ෂව 2.9% කින් පහත වැටිණ. එහෙත් කාඩ්පත්, විද්‍යුත් නාලිකා හා ප්‍රේෂණ ආශ්‍රිත ආදායම්හි වර්ධනයක් වසර තුළදී සිදු විය. පෙර වසරට සාපේක්ෂව ආදායම් පහළ යාමක් පෙන්නුම් කලද බැකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් සඳහා වෙළෙඳාම් ආශ්‍රිත ගනුදෙනුවලින් ලද ආදායම දායක විය.

පසුගිය වසරට සාපේක්ෂව 9.2% ක වර්ධනයක් සහිතව රුපියල් මිලියන 591.7 ක ප්‍රාග්ධන ලාභයක් ඉපයීමට බැංකුව සමත් වූ අතර මේ සඳහා වසර තුළදී භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම ප්‍රධාන වශයෙන් හේතු විය.

සම්පත් බැංකුවේ මුළු වත්කම් පසුගිය වසරට සාපේක්ෂව 16.4% කින් ඉහළ යන ලද අතර රජයේ ණය සුරැකුම්පත් වල ආයෝජනය ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු විය. බැංකුව සතු තැන්පතු ප්‍රමාණය 2022 වසරේ පැවති රුපියල් බිලියන 1,103.2 සිට රුපියල් බිලියන 1,264.5 දක්වා ඉහළ යාම හේතුවෙන් මුළු වගකීම් ද 16.4% කින් ඉහළ යන ලදී.

2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී සියලුම ප්‍රාග්ධන අනුපාතයන්හි වර්ධනයක් පෙන්නුම් කරන ලද අතර එය අවම නියාමන මට්ටමට වඩා ඉහළ මට්ටමක පවත්වා ගැනීමට බැංකුව සමත් විය.

මීට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලය, 2024 මාර්තු මස 28 වන දින පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීමේදී කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව, 2023 දෙසැම්බර් 31න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා කොටසකට රුපියල් 5.85 ක අවසාන මුදල් ලාභාංශයක් නිර්දේශ කර ඇති අතර 2023 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා ලාභාංශ ගෙවීමේ අනුපාතය 40.02%ක් විය (2022-40.08%)

Views: 0