සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ මහා දිනුම් ඇදීමෙන් තවත් ජයග්‍රාහකයින් 160ක්

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ 17 වන සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් 5ක් තුර්කිය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනාගත් අතර තවත් පවුල් 5ක් මැලේසියාවේ සංචාරයක් දිනාගන්නා ලදී.

තවද බණ්ඩාරගම පර්ල් බේ තේමා උද්‍යානයේ එක් දින විනෝද චාරිකාවක් සඳහා පවුල් 150ක් තෝරාගන්නා ලදී.

මෙසේ තෝරා ගනු ලැබූ රක්ෂණ ඔප්පු හිමි පවුල්, 2023 නොවැම්බර් මාසයේ පැවැත් වූ මධ්‍ය-ප්‍රවර්ධන දිනුම් ඇදීමේදී මැලේසියාවේ නිවාඩු දින සංචාරයකට තෝරාගත් ජයග්‍රාහී පවුල් පහ සහ පර්ල් බේ චාරිකාව සඳහා තේරීපත් වූ පවුල් 100 සමඟ එක් වනු ඇත.

තුර්කියෙහි නිවාඩුව දිනාගත් වාසනාවන්ත සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල් පහ කොළඹ, හොරණ, කඩවත, නුවරඑළිය සහ නෙල්ලියඩි යන ප්‍රදේශවල පිරිස් බව සමාගම පවසයි.

මෙවර සැමිලි සවාරි වැඩසටහන තුළින් සෙලින්කෝ ලයිෆ් විසින් රක්ෂණ ඔප්පු හිමි පවුල් 265 ක පුද්ගලයින් 1060 කට ප්‍රතිලාභ ලබා දී ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහනින් මේ වන විට ප්‍රතිලාභ ලබා ඇති මුළු සංඛ්‍යාව 35,000 ඉක්මවයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්‍රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය. 

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ සන්නාම තානාපති ලෙස ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන මහතා සහ ඔහුගේ ප්‍රියබිරිඳ වන කුෂ්ලානී මහත්මිය කටයුතු කරයි.

Views: 0